Colombo Today Local News

කිලිනොච්චියේ පිපිරීමක් කාන්තාවකට බරපතල තුවාල

කිලිනොච්චිය ඉයක්කච්චි නිත්තිය වෙඩ්ඩෙයි ප්‍රදේශයේදී නිවසක් තුල ඊයේ (04)දින සිදු වූ පිපිරීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

එමෙන්ම තුවාල ලැබූ කාන්තාවගේ නිවස පරික්ෂා කිරීමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩියට සාමාන වූ කොඩියක් සඟවා තිබියදී සොයාගත් බවටද පොලීසිය පැවසීය.

අදාල කාන්තාව කිසියම් සැමන්ටින් එකක් යොදා පුපුරණද්‍රව්‍ය ප්‍රමාණයක් එක් කොට බෝම්බයක් වැනි යම්ක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපතල තුවාල ලබා ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලී වී ඇත.

අදාල පුපුරණද්‍රව්‍ය යොදා සකසන ලදදේ කුමක්ද යන්න මේ වන විට පරික්ෂණ සිදු කෙරෙන අතර තුවාල ලැබූ කාන්තාව 35 හැරිදි කාන්තාවක් වන අතර මේ වන විට ඇය යාපනය ශික්ෂණ රෛා්හලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේ නමුත් නිවසේ තිබී කොටි සංවිධානයේ කොඩියක් තිබී හමුවීම හා අදාල පිපිරීම සමිබන්ධයෙන්ද මූලික පරික්ෂණ පලෙයි පොලීසිය සිදු කලද ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරගෙන යාම සඳහා යාපනය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කිරීමට නියමිත බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

-Lanka c news

Related posts

“රාජිත ත්‍රස්තවාදියෙක්… මිනීමරු ප්‍රා කල්ලියේ නායකයා ඔහුයි“ – ජවිපෙන් රාජිතට සැර ප්‍රහාරයක්

colombotoday

කුරුණෑගලින් අකිල විරාජ්ටත් පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි?

colombotoday

දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණ

colombotoday

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්

Admin

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක්

Admin

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

colombotoday