Colombo Today Local News

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 486 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම, මඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මන්නාරම, මඩු පොලිස් මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයී.

රුපියල් ලක්ෂ 6 පමණ වටිනාකමින් යුතු එම කේරළ ගංජා තොගය මන්නාරම් ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු ගෙන් ලබාගෙන බෙදා හැරීම සඳහා එලෙස ප්‍රවාහනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මන්නාරම, මඩු පොලිසිය විසින් ක්‍රියාත්මකයි.

Related posts

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

“අගමැති මමමයි, කැබිනට්ටුව බ්‍රහස්පතින්දා දිවුරුම් දෙනවා“ – රනිල් එජාප මන්ත්‍රීන්ට කියයි

colombotoday