Colombo Today Local News

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ ගැඹුරකදී ඉපැරැණි මිනිස් සිරුරක බවට සැක කරන පොසිලයක කොටස් හමුවී තිබේ.
                                                                                                              
නාරම්පනාවේ පදිංචි වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙස සේවය කරන මිල්ටන් සෝමරත්න මහතාගේ නිවස පිහිටි ඉඩමේ තිබී මෙම පොසිල කොටස් හමුවී තිබේ . ඔහු මීට වසර 15 කට පමණ පෙර මෙම ඉඩම මිළදීගෙන පදිංචියට පැමිණ ඇත .
 
ෙවැසිකිළි වල අඩි තුනක් පමණ  කැනීමේදී හුනුගල් ස්ථරයක් හමුවූ බවද එය තව දුරටත් යටට කැඩීමට උත්සාහ ගත් අවස්ථාවෙිදි සුදු පැහැයෙන් යුත් දැඩි ලෙස ඝනීභවනය වීමට ලක්වූ මෙම පොසිලය දැකගත හැකිවූ බවද සෝමරත්න මහතා පැවසීය .

අඩි 7 ක් පමණ දිගින් සහ අඩි 4 ක් පමණ පළලට මේවනවිට මෙම පොසිලය දර්ශනය වන බවද එය තව දුරටත් කැණීම් කළහොත් ඊට වඩා පොළොව යටට සහ දෙපසට මෙය පැතිරී ඇතැයි විශ්වාස කරන බවද සෝමරත්න මහතා සඳහන් කළේය .
 
 මෙම පොසිලයේ වෙන්ව තිබූ කොටස් එක්රැස් කර බැලීමේදී මිනිස් කශේරුකාවට සමාන අස්ථි කොටස් පැහැදිලිව දැකගත හැකිය . එසේම මෙම අස්ථි කොටස් ඉතා බරෙන්ද යුක්තය .
 
සෝමරත්න මහතාගේ දැනුම්දීම මත හෙට (10)  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම පොසිලය පරීක්ෂා කිරීමට පැමිණීමට නියමිතය .

Related posts

තේ කර්මාන්තශාලාවේ ගින්නකින් ලක්ෂ 80ක අලාභ හානි

colombotoday

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

පාසල් සිසුනගේ දිවා ආහාරයට අමතර රුපියල් බිලියන 4ක්

colombotoday

පොහොට්ටු පක්ෂය හැදුවොත් පාරේ ඇවිද්දනවා කියූ සිරිසේන පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නේ රෙද්දක් ඇදගෙනද – මන්ත්‍රී සිඩ්නි ජයරත්න

colombotoday

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday