Colombo Today Local News

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05 දෙනාගේ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි අභියාචනාධිකරණය දැනුම් දෙයි

කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ලබන 24 වන දා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

තමන්ව අත්අඩංගුව ගැනිම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළහ.

මෙහිදී විනිසුරු මඬුල්ල අවධාරණය කළේ මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව සහ දැනට නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දු ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව මේ වනවිට අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන බැවින් එම වරෙන්තු ලබන 24 වන දා තෙක් ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

කුරුණෑගල පිහිටි බුවනෙක බාහු රජ සමයට අයත් බව කියන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පසුගිය දා වරෙන්තු නිකුත්කර තිබුණි.

Related posts

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

රෝසිගේ අරුම පුදුම වැසිකිළි ටෙන්ඩරය…!

colombotoday

ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

colombotoday

විටින් විට ගිහියෙක් සහ චීවරධාරියෙක් ලෙස පෙනීසිටි හෙරොයින් ජාවාරම්කරු පොලිස් අත්අඩංගුවට

colombotoday

පියා හිසට කෙටු කඩු පහරින් පස් මසක බිළිඳිය මරුට | නැන්දණියගේ අත වෙන් කරලා.. මාමණ්ඩියගේ ඇඟිලිත් කපලා

colombotoday