Colombo Today Local News

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රධානම වීදිය ලෙස සැලකෙන මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන එම වීදියට සංචරණ සීමා පනවා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව රථවාහන ගමනාගමනය අවුරමින් මාර්ග බාධක යොදා එම වීදිය වසා තිබෙන අතර පාගමින් එම වීදිය හරහා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදී ඇත. මහ වීදියට පිවිසීම අවහිර කළද කොරෝනා ආසාදිතයින් වාර්තා වූ වෙළඳසැල් හැර අනෙක් සියළුම වෙළඳසැල් විවෘතව තැබීමට බාධාවක් නැති බවද නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

මේවනවිට මහ වීදියේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන 08 කින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ.

Related posts

දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

Admin

වැට් බදු සංශෝධනයෙන් දුරකථන ඇමතුම් ගාස්තු 50%කින් ඉහළට

colombotoday

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

colombotoday

මයික් පොම්පියෝ ට විරුද්ධව ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි..

colombotoday

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin