Colombo Today Local News

කුසල් මෙන්ඩිස් අධිකරණයට ඉදිරිපත් කෙරේ.. මාරක රිය අනතුරෙන් පසු පැන ගිහින් පැයකට පසු බාරවෙලා

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය පානදුර – උතුර හොරේතුඩුව ප්‍රදේශයේදී ඊයේ (05දා) අලුයම පාපැදියක ගැටීමෙන් පාපැදිකරු තුවාල ලබා මියගිය බව පානදුර පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පානදුර උතුර ගොරකාපොළ ඥානසේන මාවත පදිංචිව සිටි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන නෙවිල් පීරිස් (64) නමැති අයෙකි.

අනතුර සිදුවී පැයකට පමණ පසු පොලිසියට භාර වූ කුසල් මෙන්ඩිස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයකු, තලංගම ප්‍රදේශයේ නිවෙසක පවත්වනු ලැබූ සාදයකට සහභාගි වී අනතුරුව ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු සමඟ ගොරකාන නිවෙස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගිය පාපැදිකරු ගොරකාන නිවෙසේ සිට රැකියාව සඳහා මොරටුව දෙසට පාපැදියෙන් යමින් සිටියදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙක්ඩිස් මොරටුව දෙස සිට ගොරකානේ සිය නිවෙස වෙත මෝටර් රථයෙන් වම්පස මංතීරුවෙන් යෑමට නියමිතව තිබියදී වාහනය දකුණු පස මං තීරුවෙන් ඉදිරියට ඇවිත් පාපැදියේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අනතුර සිදුවන අයුරු ඒ ආසන්නයේ නිවෙසක සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරාවකද පැහැදිලිව සටහන්ව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් පසු එකී ස්ථානයේ රථය නොනවත්වා නිවෙස වෙත ගොස් සැකකාර කුසල් මෙන්ඩිස් පැයකට ආසන්න කාලයකට පසු පොලිසිය වෙත පැමිණ සිද්ධිය ගැන පවසා පොලිසියට භාර වූ බව පොලිසිය පවසි.

කිසියම් අනතුරකින් බරපතළ තුවාල ලද පුද්ගලයකු හොරේතුඩුව මුස්ලිම් පල්ලිය ඉදිරිපිට වැටී සිටින බවට මාර්ගයේ ගමන්ගත් පුද්ගලයකු පානදුර උතුර පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව පොලිස් ජංගම සංචාරක රථයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් 1990 – “සුවසැරිය” ගිලන්රථය ගෙන්වා රෝහල්ගත කරන විටත් තුවාලකරු මියගොස් සිටි බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. අනතුර සිදුකළ සැකකාර කුසල් මෙන්ඩිස් මහතාගේ රුධිර සාම්පලයක් ලබාගෙන ඔහු මත්පැන් පානය කර ඇද්දැයි අනාවරණය කර ගැනීම ස¼දහා පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරි කුසල් පෙරේරා මහතා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

සිදු වූ අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා අද (06)දින පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. වනිගතුංග, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් මෙන්ඩිස් මහත්වරු වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.

Related posts

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

colombotoday

හැටන් දුම්රිය ස්ථානයේ අභිරහස් මරණයක්!

Admin

බෙහෙත් ගන්න ගිය පුද්ගලයෙකුට මහ මඟදී අලියෙක් ගහලා

Admin

“අලුත් ව්‍යවස්ථාවක් එපා.. සමස්ත සංඝ සමාජයම ඊට විරුද්ධයි“ – අස්ගිරියෙන් නැවතත් රතු එළි

colombotoday

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

colombotoday