Colombo Today Local News

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී Site Hanging Car System ප්‍රවාහන සේවයක්

ශ්‍රී ලංකාවේ ප්‍රවාහණ සේවාවට නවමු අත්දැකීමක් එක් කරමින් මුලුමනින්ම පරිසර දූෂණයෙන් තොර Site Hanging Car System ප්‍රවාහණ සේවයක් ඇරඹීමට චීන ප්‍රමුඛ ප්‍රවාහණ සේවා සමාගමක් වන China Railway Group Limited නැමැති ආයතනය විසින් පසුගිය සිකුරාදා (17) ප්‍රවාහණ කළනාකරණ අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙහි ආරම්භක ව්‍යාපෘතිය කොට්ටාව සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක වන අතර එහිදී හයිලෙවල් මාර්ගයේ පසෙකින් අඩි 14ක් පමණ උසැති කුළුනු මත ඉදිවන තනි පීල්ලක ට්‍රෑම් කාර් ලෙස සකස් කළ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් කාර් පද්ධතියක් මගින් ගමනාගමන පහසුකම් සපයයි. මෙහි එක් රථයක එකවර මගීන් 08 සිට 11 දක්වා ප්‍රමාණයක් ගෙනා යා හැකි අතර දැනට පෙරවරුවේ හා පස්වරුවේ හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදය අවම කරලීම සඳහා ඉතා උචිත ව්‍යාපෘතියක් වේ. එමෙන්ම අඛණ්ව ගමන් කරන කාර් රථ විශාල ප්‍රමාණයක් මෙම පීල්ල මත නිශ්චිත කාල අන්තරයක් තුළ වෘත්තාකාර මාර්ගයක, එනම් විනාඩි පහෙන් පහට ගමන් කරන නිසා තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව මගී ජනතාවට ලැබේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව පැහැදිලි කළ චීන සමාගමේ නියෝජිතයින් කියා සිටියේ කොට්ටාව සිට පිටකොටුව දක්වා ගමන් කරන මගීන්ට අතරමග බසින්නට අවස්ථාවද සැලසෙන අතර, එතැන් සිට වෙනත් අයට අදාල රථයට ගොඩවීමට ද පහසුකම් සැලසෙන බවයි. ප්‍රධාන මෙහෙයුම් මැඳිරියක් මගින් මෙම ධාවන පථය කළමනාකරණය කෙරේ.

දැනට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කොට්ටාව හුවමාරුවෙන් එළියට පැමිණි පසු නැවතත් ඔවුන්ට කොළඹට පැමිණීමට පැයක පමණ කාලයක් ගත වන්නේ දැඩි රථවාහන තදබදය නිසයි.එමනිසා දිනපතා හයිලෙවල් මාර්ගයේ ගමන් කරන රථවාහනවලට දැඩි තදබදයකට මුහුණ දීමට සිදුවන නිසාත් මෙම පද්ධතිය ඊට හොද විකල්පයක් ලෙස ක්‍රියාත්මක කළ හැකිය. සම්පුර්ණයන්ම වායුසමීකරණය කරන ලද එල්ලෙන ට්‍රෑම්ප් කාර් රථ තුළ පහසුවෙන් හා ආරක්ෂිතව ගමන් කිරීමට මගීන්ට පහසුකම් සැලසේ.

මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමේ දී අදාල සමාගම විසින් සියලු පිරිවැය දරන අතර ඒ සඳහා රජය විසින් කිසිදු මුදලක් වැය කිරීමට සිදුනොවේ. සමස්ත පිරිවැය චීන ආයෝජනයක් ලෙස ක්‍රියාත්මකය. මෙම පද්ධතියට යොදා ගන්නා ධාවන පථය Track වසර 100ක් එක දිගට භාවිතා කළ හැකිය. එමෙන්ම එක් කාර් රථයක් අඩු තරමින් වසර 25ක් භාවිතා කිරීමට ද හැකියාව තිබේ. අනෙක් කාරණය නම් විදුලිය බිඳ වැටීමක් සිදුවුවද, පැය තුනක් එක දිගටම ධාවනය කළ හැකි හිරු බලයෙන් ආරෝපනය වන බැටරි දෙකක් ද මෙම සෑම රථයකම අන්තර් ගතය.

කොට්ටාව සිට පිටකොටුව දක්වා දිවෙන කිලෝමීටර් 22ක දුරින් යුත් මෙම ධාවන පථය හා සමස්ත ප්‍රවාහණ පද්ධතිය වසර එකහමාරකින් අවසන් කිරීමට නියමිතය.

Related posts

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹේ – රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමයි

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට.. මහ හොර චූදිත මහෙන්ද්‍රන් රටින් පනී !

colombotoday

ජනතා මුදලින් සැප වාහන ගෙනා මන්ත්‍රී ලිස්ට් එක මෙන්න.. සමහරක් වාහන දැනටමත් විකුණලා !

colombotoday

පෑලියගොඩ පට්ටිය හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday