Colombo Today Local News

කොටි මරා මස් සහ ශරීර කොටස් අලෙවි කිරීමේ ජාවාරමක්

මහනුවර උඩදුම්බර ප‍්‍රදේශයේ සැරිසරමින් සිටි කොටියකු මරා දමා එම මස් අලෙවි කරමින් සිටි කාන්තාවක් ඇතුලු පුද්ගලයින් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මස් අලෙවි කිරීමට යොදාගත් ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගැනුණා.

පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු රැසක් ද අනාවරණය වී තිබෙනවා.

උඩදුම්බර කලල්ගමුව ප‍්‍රදේශයේ දී ඌරන් සඳහා ඇටවු මන්දකට මෙම කොටියා හසු කරගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර අඹු සැමි යුවලක් සිටි බවත් ඔවුන් කලල්ගමුව ප‍්‍රදේශයේම පදිංචි අය බවත් අනෙක් පුද්ගලයා වේරපිටිය ප‍්‍රදේහයේ පදිංචි අයකු බවත් පොලිසිය පැවසුවා.

සැකකරුගේ නිවසට ගොස් පරික්ෂා කිරීමේ දී කොටස් වලට වෙන් කරන ලද මියගිය කොටියාගේ තවත් කොටස් හමු වී ඇති අතර ඉතිරි කොටස් ද සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ෆේස්බුක් තහනම ඉවත් කරන්න ලේසියෙන් බෑ… රජයේ කොන්දේසි මෙන්න

colombotoday

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

colombotoday

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday

“මේ තරම් බරපතල විදිහට ගහයි කියල අපි හිතුවෙ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday