Colombo Today Local News

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

12109762_913170982106119_7012862602654252853_oබන්ධනාගාර කිහිපයක දැනට උපවාසයක් අරඹා ඇති එල් ටී ටී ඊ සැකකරුවන්ගේ ඥාතීන් සහ හිතවතුන් පිරිසක් සමඟ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඊයේ (14දා) පෙරවරුවේ විරෝධතා සත්‍යග්‍රහයක් පැවැත්වීය.

දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පැවති මෙම සත්‍යග්‍රහයෙන් අනතුරුව පිරිස පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා සමග සාකච්ඡාවක් පවත්වා පෙත්සමක් භාර දුන්හ. මෙම උද්ඝෝෂණයට වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්, මානව හිමිකම් සංවිධාන නියෝජිතයන්, දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සත්‍යග්‍රහයෙන් අනතුරුව රැස්ව සිටි පිරිස කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පාගමනින් ජනාධිපති මණ්දිරිය දක්වා ගමන් කළ අතර ලේක්හවුස් මංසන්දියේ සිට ගාලු මුවදොර දෙසට ගමන් කරන අතර මග පොලීසිය මාර්ග බාධක යොද පාගමනට බාධා කරන ලදී.

12080221_913171375439413_3555795348344748720_o12087877_913172832105934_4319279317722093434_o12068607_913172265439324_5228890686651163227_o

Related posts

නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යවශ්‍යයි… ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

Video: මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් – රවී කියයි

colombotoday

ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වූ බව ෂෙහාන් මැති සබයට සතුටින් දැනුම් දෙයි

Admin

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

හංවැල්ලේදී පුද්ගලයෙකුට පහර දී මරා දාලා

Admin

මංකොල්ලයක් සම්බන්ධයෙන්, රාජිතගේ සුදු වෑන් කිඹුලන් දෙදෙනා අත්අඩංගුවට !

colombotoday