Colombo Today Local News

කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම් – පවිත්‍රාදේවී

කොරෝනා වෛරසයෙන් රට බේරාගැනීම සඳහා තමන් මුහුදට හෝ බිලිවීමට සූදානම් යැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව කියා සිටියේ තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලවන විවේචන සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.

කොරෝනා මර්දනය සඳහා තමන්ට විවිධ ආගමික පාර්ශ්වයන්ගෙන් සිදු කෙරෙන ඉල්ලීම්වලට කන් දෙන බවත් ඒවාට සහභාගි වීමට ද සිදු වන බවත් ඇය සඳහන් කළාය.

එසේම පසු දිනක සිදු කල ආගමික කටයුත්තක් සමච්චලයට ලක් කරමින් ඇති බවද පැවසූ ඇය තමන් මුහුදට බිලි වී හෝ කොරෝනාවලින් රට නිදහස් වන්නේ නම් හොඳ බව ද කියා සිටියාය.

තමන් මුහුදට බිලි වීමෙන් කොරෝනා තුරන් වන්නේ නම් තමන් එය කිරීමට කිසිදු පැකිලීමක් නොදක්වන බව ද ඇය තව දුරටත් පැවසුවාය.

Related posts

නැගෙනහිර ආණ්ඩුකාරයා නෙරපනු.. සම්පූර්ණ බලය අපට දෙනු” – මහඇමති නසීර් තවත් සැරවෙයි

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin

ඒකීය රටක් වෙනුවෙන් රජරට වෙදැදුරන්ගෙන් නව ව්‍යවස්ථාවට සුපිරි යෝජනා 14ක්

colombotoday

ඇමති පියල්ගේ වැටුප පරිත්‍යාග කරන්න බෑලු

colombotoday

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

colombotoday

කඩා වැටුනු පස් – ගල් නොදුටු රියදුරා දුම්රිය සිර කර ගනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin