Articles

කොරෝනාව හා රංජන් රාමනායකගේ කුණුහරුප ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමැති නාස්ලණුව දමාගෙන දඟලන නියම ගොන් නාම්බෙක් නම් රංජන් රාමනායක නම් හිටපු මන්ත්‍රීය. ඇත්තවශයෙන්ම මට ඔහු ගැන ඇත්තේ අනුකම්පාවකි. ඔහුව මුරුංග අත්තේ තබනවා විනා ඔහුට ඔහුගේ මේ අවාසනාවන්ත හැසිරීමෙන් ගොඩaේමට සහාය දෙන කෙනෙක් නැද්ද? ඔහු කොරෝනා ආධාර බෙදන්නට ගියවිට ඔහුට ගම්පහ පැත්තේ ගෙවල් වල මිනිසුන් දක්වන ප්‍රතිචාරය අනුව ඊළඟ චන්දයකදී ඔහු දිණනවා නිසැකය. ඔහුගේ බඩු බෙදීමේ ව්‍යාජ ස්‌වරූපයත්, පාලිත තේවරප්පෙරුමගේ බත්-මාළු- කරවල බෙදීමේ අව්‍යාජ කමත් ලොවට පෙන්වන්නේය. නාස්ලණුව දමාගත් රංජන් වැනි අය ඔහුගේම වචන වලින් කියනවා නම් -කෙළවන්නේ- රාජකාරිය ඉෂ්ට කල පොලිස් නිලධාරියාට නොව රටේ තියෙනවා කියන බොරු තන්ත්‍රවාදයටය. මේ කොරෝනාව ඉගැන්‌වූ තවත් අනගි පාඩමකි.

රංජන් ඇඳිරි නීතිය කඩකරමින්, බොරු කියමින් ක්‍රියාකරන්නට, ඔහු කියන පරිදි ඔහුගේ පිසිකල් තෙරපිස්ට අනුබල දුන්නේ ඇඹිලිපිටියේ සිට කෝට්ටේ මන්ත්‍රී නිවාස දක්වා ඒමටය. මෙම පුද්ගලයා පිසිකල් තෙරපිස්ට් කෙනෙක් නොවේ යයි එම සංගමය කියා සිටී! එසේ නම් ඇඳිරි නීතිය කඩකරමින් ඇඹිලිපිටියේ සිට මොහුව ගෙන්නා ගන්නට රංජන්ට තිබුණ තදියම කුමක්ද? පාර්ලිමේන්තු නිවාස ගේට්ටුවේදී වාහනය නතර කල විට, රංජන් එතැනට පැමිණ යකා නැටුවේ තමන් වැඩිම මනාප ගත් මන්ත්‍රී කියමින් ය. ඔහු පොලිස් නිලධාරියාට වේ–පුතා කියා පරුෂ වචනයෙන් බැණ වැදුනේ නූගත් කමටද, නැත්නම් ආණ්ඩුවට විරුද්‌ධ යම් බලවේගයකගේ ඉත්තෙක් නිසාද?

ක්‍රමවේදයේ හා එය ක්‍රියාවට නැඟීමේ ඇති අඩුපාඩු නිසා මිනිසුන්ට බඩගින්නේ වීමට සිදුවීම ගැන පාලිත කරණ චෝදනාව තේරුම්ගත හැකිය. ඔහු පක්‍ෂ දේශපාලනයක් කරන්නේ නැත. කොරෝනාවට භයේ සැඟවී ඉන්නා හිටපු යහපාලන බොරුකාරයින්‌වූ, සුවපති රාජිතත්, පණ්ඩිත අජිත් පෙරේරාත් ගැන ඔහු උපහාසාත්මක ලෙස කතාකරන්නේ ඒ නිසාය. තව එවැන්නෙක් කොරෝනා ඉස්පිරිතාලයක් හදනවා කිව්වත් තමා ඔහුගේ ගේ ඉදිරියේ බත් බෙදු බව පාලිත සඳහන් කලේය. එහෙත් රංජන්ගේ ගේම් එක ඊට වෙනස්‌ය. රංජන්, පාලිත මෙන් දහඩිය වඟුර වමින් බත් උයන, බත් බෙදන, හාල් පරිප්පු මුට්ට කරගහන්නේ නැත. ඔහු කලේ වාහනයේ දොර ඇර හාල් ගෝනි ගන්නා ලෙස ඔහුගේ චන්ද දායකයින්ට දන්වා පසුව එක් නිවසක, පොඩි පහේ චන්ද රැස්වීමක් පවත්‌වා රාජපක්‍ෂලාට දොස් පැවරීමය. චීන ඩොලර් මිලියන් චීන ආධාර (ණය) බෙදීම භාරව ඉන්නේ බැසිල් යයි අවඥාවෙන් සඳහන් කලේය.

ලංකාවේ නාස්ලණුවාදය පිළිකාවක් මෙන් සළකා එයට බෞද්‌ධ රාජ්‍ය පාලන ක්‍රමය අනුව ශල්‍යක‌ර්‌ම රැසක්ම කලයුතු බව නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දුන්නේ දූෂිත අධිකරණ ක්‍රමය ඉස්මතු කර පෙන්වමිනි. කුණුහරුප හඬපටි, වීඩියෝ මඟින් රංජන් තහවුරු කලේ ප්‍රජාතන්ත්‍රවාදය බොරුවක් බවය. රංජන් මන්ත්‍රී වරප්‍රසාද වංචා කරණ අයෙක් බව මේ අළුත්ම කොරෝනා ආධාර ගේනවා යයි බොරු කියා ඇඳිරි නීතිය කඩ කිරීමෙන් හා ඒ සම්බන්‌ධයෙන් වරද පිළිගන්නවා වෙනුවට රස්තියාදුකාරයෙක් මෙන් හැසිරීමෙන් ඔප්පු විය. මානව දයාව කුමක්දැයි පාලිත ගෙන් පේන නමුත්, රංජන්ගෙන් එලිවන්නේ ඔහු වංක මෝඩයෙක් බවය. නිකරුණේ ඇදිරි නීතිය කඩන මිනිසුන්ගෙන් එලිවෙන්නේ රංජන්ලා ලක්‍ෂ ගණනින් ලංකාවේ වසනා බවය.

මිනිසුන්ටත්, සතුන්ටත් පොදු දේ ලෙස සංස්කෘත ස්ලෝකයක දක්වන්නේ ආහාර, නින්ද, කාමය හා භීතියය. තමන්ට භය ඇතිබවක් මෙතෙක් පෙනී නොගියත්, හිරුණිකා බබා ඇතුළු ස්ත්‍රීන් සමඟ කල පෙම්කතා මඟින් ඔහු සිය කාමයේ වරදවා හැසිරීම ඔප්පු කලේය. රංජන්,හිරුණිකා, මර්වින් සිල්වා වැනි අය මන්ත්‍රීන් කරවන ප්‍රජාතන්ත්‍රවාදයක් මක්කටද? එවැනියන්ට නොමිනේෂන් දෙන දේශපාලන පක්‍ෂ හා ඒවායේ නායකයින් දේශපාලන නපුංසකයින් නොවේද? මේ අප දැනට දන්නා තුන් දෙනාය. නොදන්නා අය කෙතරම් ඇද්ද? එලිපිට සවුත්තුවුණ පොහොට්ටු මිනිහෙක්‌වුනේ ගම්පහ පැත්තේ සරණ ගුණවර්‌ධන නම් හොරාය. ඔහුට නොමිනේෂන් දී නැතැයි මම සිතමි. තමන්ට වැඩිම මනාප ලැබීම නීතිය කඩකිරීමට ඔහුට ඇති බලය සේ රංජන් සිතයි! මේ දූෂිත චන්ද ක්‍රමය නමැති නරාවල තුල දඟලන පක්‍ෂ දේශපාලකයින්ගේ හෙංචයියලගේ පාර්ලිමේන්තුව, මෛත්‍රීපාල-රනිල් ගැටුමේදී (අගමැතිකමෙන් ඉවත් කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම) රට කැඩීමට වලිකන බටහිර තානාපතිලා හැඳින්‌වූයේ මුළු ලෝක ප්‍රජාතන්ත්‍රවාදයටම ආදර්‍ශයක් වන තැනක් ලෙස නොවේද? රංජන්‌ව ගොනාට අන්‌ඳවා ඔහුගෙන් බලු වැඩ කරවාගත් රනිල් වෙනුවට රංජන් දැන් ඔහු විසින්ම හිරුණිකා සමඟ එක්‌වී ඉතා පහත් ලෙස ගැරහූ සජිත්ගේ බළල් අතක් චී සිටී.

මේ සියළු දෙයින්ම සනාථවන්නේ ඥානසාර හිමියන් කියන අන්දමට විපත්තිය සම්පත්තියක් කරගෙන, කෝටි 400 ක චන්ද වියදමක් නොදරා, කුණු දේශපාලකයින්ට එකිනෙකාට කුණු විසිකිරීමට අවස්ථාවක් නොදිය යුතු බව නොවේද? සෑම අර්බුදයකටම, ඉන් ගැලවීමේ අවස්ථාවක්ද ඇතුලත්‌ය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සංශොධනය කල යුතුමය. සුද්දගෙ නීතිය සුද්දකර දෙවන ලෝක යුද්‌ධය කාලයේදී සුද්දා කලා මෙන්, කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් කලා මෙන් ජන මූල සභා (ජන සභා) හරහා පන්සලේ-කොවිලේ-පල්ලියේ හා යුදහමුදාවේ අධීක්‍ෂණය යටතේ පක්‍ෂ දේශපාලනයට ඉඩ නොතබා විනය ගරුක, ධර්මිෂ්ට සමාජයක් ගොඩ නැඟීමේ අවස්ථාවක් දේශපාලකයෙකු නොවන ජනාධිපති ගෝඨාභයට උදාවී තිබේ. වසංගතයක් හරහා මේ ඉඩ පාදා දීම ගැන පරම්පරා ගණනාවක සිට දුකින් පෙලෙමින් ඉන්නා ලංකාවාසි ජනයා කොරෝනාවට ස්තුති කලයුතු නොවේද?

2013 කාලයේදී බොදු බල සේනාවට අපහාස කරමින්, ඥානසාර මචං යයි ලියූ සේපාල් අමරසිංහ දැන් රාජිත සේනාරත්න කිව්වා කියන, මාව මිනිත්තු පහකට වත් හිරේ දාන්න බෑ යන ප්‍රකාශය ගැන බලන්නේ ප්‍රජාතන්ත්‍රයේ බොරුව යන පැත්තෙන් නොව රාජිත නැව් ගත්තේ කෙසේද යනාදී වශයෙනි. ඔහු කල යුතු මේ හොරා කියන තමන් ඇමති නම් දවස් තුනෙන් කොරෝනාව නතර කරණවා යන කතාව අභියෝගයට ලක්කිරීමය. ඔහු රංජන් ගැන කියන්නේ මොනවාදැයි බලා සිටිමු.

චන්ද්‍රසිරි විජයවික්‍රම

Related posts

කුණුවී වැහැරෙන යහපාලනය තිරිහන් කරන්නට ‘පුරවැසි උගුල්’

colombotoday

20 ඕනේ කාටද ?

colombotoday

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday

මඩු වලිගය ගත යුත්තේ පරිසරය විනාශ කරන උන්ටය

colombotoday