Colombo Today Local News

කොරෝනා අවදානම නොතකා ඡන්දය දැමීමට පැමිණි සියලුදෙනාට ස්තුතියි- මහින්ද දේශප්‍රිය

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණි සියලු ඡන්ද දායකයින්ට විශේෂයෙන් ස්තුතිවන්ත වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඇති කාල සීමාවක් තුළ වුවද සැළකිය යුතු පිරිසක් මෙවර මහ මැතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කර තිබීම සතුටට කරුණක් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාවේ අද (5)දින පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කර දී සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්වීමට සහයෝගය ලබාදුන් සෞඛ්‍ය අංශවලට ද තමන් ස්තුතිවන්ත වන බවද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

එසේම ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමේ දී බරපතළ ගැටලු කිසිවක් වාර්තා නොවු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

colombotoday

අගමැතිතුමා 80 දශකයේදී තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා -සාගල රත්නායක

colombotoday

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

තේ දලු මිල 100% කින් ඉහළට

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

colombotoday