World

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

ඉතාලියේ කෝවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු  පෙබරවාරි මස 23 දා සිට ඊයේ 04 දිනය දක්වා දින 41 ක කාලය තුල කෝවිඩ් 19 රෝගය ආසාදනය වි වෛද්‍යවරුන් 80 දෙනෙක් හා හෙද හෙදියන් 25 දෙනෙක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

එමෙන්ම හෙද හා වෛද්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් 5500ට අධික සංඛ්‍යාවක් රෝගය වැළඳි ප‍්‍රතිකාර ගනිමින් සිටින බව එම සංගමය පවසයි.

මෙම හෙද හා වෛද්‍ය කාර්ය මණ්ඩලයට අමතරව රෝහල් සේවා වලට සම්බන්ධ  සේවක සේවිකාවන් තවත් 5000 ට අධික සංඛ්‍යාවක් කෝවිඩ් 19 වසංගතයට ගොදුරු වි ප‍්‍රතිකාර ගන්නා බව ඉතාලි සිවිල් ආරක්ෂණ ඒකකය පැවසීය.         

මෙම තත්ත්වය යටතේ රෝහල් වල සේවා පවත්වාගෙන යාමට විශ‍්‍රාමික හා පෞද්ගලික වෛද්‍ය හ හෙද නිලධාරින් සේවයට කැඳවා රෝහල් සේවා යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව සිවිල් ආරක්ෂණ ඒකකයේ ප‍්‍රධානි ආන්ජලෝ බොරෙල්ලි මහතා පැවසිය.

කොවිඩ් 19 රෝගයට ගොදුරු වු හා මියගිය  බහුතරයක් ලොම්බර්දියා පළාතෙන් වාර්තා වි තිබේ.

මෙම දුෂ්කර තත්ත්වය යටතේත් කිසිදු රෝගියෙකුව අත් නොහැර උපරිම ආකාරයෙන් ප‍්‍රතිකාර ලබාදීමට රෝහල් බලධාරින් පියවර ගනිමින් සිටින බවද ආන්ජලෝ බොරෙල්ලි මහතා වැඩිදුරටත් පවසා සිටියේය. 

චන්දන ප්‍රනාන්දු – ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට

Related posts

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

colombotoday

කෝටි 200ක මුදල් වංචාවට ජැකලින් විත්තිකාරියක් කරයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday