Colombo Today Local News

කොරෝනා වයිරසයෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ෆේස්බුක් දැමු පුද්ගලයෙකු රිමාන්ඩ්

කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි සදහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය සටහන් තබා සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කළැයි මාලඹේ මැරයින් යුනිවර්සිටි ආයතනයේ පරිපාලන නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම තැනැත්තා ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජේ. ඒ. ඉෂාන් මනුජප්‍රිය නැමැත්තාය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු  ඇතුළත් පුවරු නිර්මාණය කොට ප‍්‍රචාරය කිරීම පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව මෙම තැනැත්තා වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

Related posts

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

සෞඛ්‍ය නීති කැඩූ බස් රථ 6 ක් වටලයි

colombotoday

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

Admin