World

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.
 
නැගෙනහිර ප්යොන්ගන් පළාතේ සිට ජපන් මුහුදට යොමු කරනු ලැබූ මේවා කෙටි දුර බැලස්ටික් මිසයිල ලෙස හඳුනාගෙන ඇත.
 
ප්‍රක්ෂේපන කිලෝමීටර 410 ක උපරිම දුරකින් කිලෝමීටර 50 ක් පමණ උසකින් පියාසර කර තිබේ.
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පැවසුවේ තත්ත්වය අධීක්‍ෂණය කරමින් සිටින බවයි. කොවිඩ් -19 වසංගතයෙන් මුළු ලෝකයටම පීඩා විඳින මොහොතක මෙම ක්‍රියාවන් “අතිශයින් නුසුදුසු” යැයි හෙතෙම විස්තර කළේය.
 
උතුරු කොරියාව මේ මස මුලදී ද වෙඩි තැබීමේ අභ්‍යාසවල කොටසක් ලෙස මිසයිල කිහිපයක් ගුවන්ගත කළේය.

Related posts

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයි

colombotoday

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

හිටපු අගමැතිට වෙඩි ප්‍රහාරයක්

colombotoday

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

ලෝක ජනගහනය බිලියන අට පසු කරයි… බිලියන අට වැනි බිලිඳිය පිලිපීනයේදී මෙලොව එළිය දකී

Admin