Colombo Today Local News

කොරෝනා වෛරසය මුදා හැරියේ අල්ලාහ් දෙවියන්, චීනුන්ගේ පළිගත්තා – ප්‍රසිද්ධ මුස්ලිම් පූජකයෙක් කියයි

උයිගර් මුස්ලිම්වරුන් අමානුෂික ලෙස මර්දනය කිරීම නිසා අල්ලාහ් දෙවියන් විසින් කොරෝනා වෛරසය මුදා හැර චීන ජාතිකයින්ට දඬුවම් කර ඇති බව මතභේදාත්මක අදහස් පලකරන මුස්ලිම් පූජක ඉලියාස් ෂරෆුදින් සඳහන් කරයි.

ඔහු පැවැත්වූ දේශනයකදි මේ බව සඳහන් කර තිබේ.

“ඔවුන් මුස්ලිම්වරුන්ට තර්ජනය කර මිලියන 20 ක ජීවිත විනාශ කිරීමට උත්සාහ කළ ආකාරය මතක තබා ගන්න. මුස්ලිම්වරුන්ට මත්පැන් පානය කිරීමට බල කෙරුනි, ඔවුන්ගේ පල්ලි විනාශ කර ඔවුන්ගේ ශුද්ධ පොත පුළුස්සා දමන ලදී. චීන ජාතිකයින් සිතුවේ කිසිවෙකුට තමන්ට අභියෝග කළ නොහැකි බවයි. නමුත්ලොව වඩාත්ම බලවත්ම අල්ලාහ් දෙවියන් දැන් ඔවුන්ට දඩුවම් කරලා තිබෙනවා.” යනුවෙන් ඉලියාස් පවසයි.

චීනයේ ජීවත් වන සුළුතර මුස්ලිම් ප්‍රජාව වන උයිගර් වරුන්ට චීන රජය විසින් විවිධ වධ හිංසා පමුණුවන බවට කලක පටන් චෝදනාවක් ඇත.දැනට චීන නීතිය යටතේ උයිගර් කාන්තාවන්ට සම්පූර්ණ හිස ආවරණ පැළඳීමට ඉඩ නොලැබේ. තරුණ උයිගර් පිරිමි පුද්ගලයන්ට දිගු රැවුල් සහිත වීමට අවසර ද නොමැත.

“පරෙස්සම් වන්න! ප්‍රමාද වීමට පෙර අල්ලාහ්ට බිය වන්න. ඔහුට පමණක් නමස්කාර කරන්න. මිනිසුන් පල්ලිවලට වලට යාම වළක්වන්න එපා, මුස්ලිම්වරුන්ට ඉස්ලාම් දහම ඇදැහීම වලක්වන්න එපා. එසේ නොවුවහොත් ඔබත් චීන ජාතිකයනුත් විනාශ වනු ඇත. ”යනුවෙන් මෙම පූජකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔහු පවසන්නේ (ඉන්දියාවේ) ඉස්ලාමයට එරෙහිව සතුරුකම් ඇති සහ ‘අහිංසක මුස්ලිම්වරුන්ට’ හිංසා පීඩා කරන අය ප්‍රමාද වීමට පෙර “අල්ලාහ්ට බිය විය යුතු” බවයි.

හින්දු ජාතිකයින් ත්‍රස්තවාදීන් බවත් මුස්ලිම් ජාතිකයින් දෙවිවරුන්ගේ දරුවන් බවත් මීට පෙර ඔහු කළ ප්‍රකාශයක් දැඩි ආන්දොලනයට තුඩු දිණි.එමෙන්ම හින්දු ජාතියින්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කල බවටද ඔහුට චෝදනා තිබේ.

https://youtu.be/zvP4wJzaCP4

Related posts

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

මත්පැන්හල් වහන්න නියෝගයක්

colombotoday

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

colombotoday

‘පෙරළියක ඇරඹුම‘ ඇරඹෙයි.. සජීවී විකාය (LIVE)

colombotoday

“මේ ආණ්ඩුවෙන් ෆෙඩරල් ගන්න පුළුවන්.. ඒ අවස්ථාව කඩාකප්පල් නොකර ඉවසීමෙන් වැඩ කරන්න” – සම්බන්ධන් TNA මන්ත්‍රීන්ට දන්වයි

colombotoday

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday