Colombo Today Local News

කොළඹ අපරාධ කොට්ඨාසය බන්ධනාගාරයට එයි. පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි

රාජගිරිය ප‍්‍රදේශයේදී 2016 පෙබරවාරි 28 දා රාතී‍්‍ර රිය අනතුරක් සිදුකර පලා යෑම, තොරතුරු වසන් කිරීම හා රියැදුරු ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව සිදු කරන විමර්ශන සඳහා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරය තුළදී පැය දෙක හමාරක් ප‍්‍රකාශ සටහන් කර ඇත.
 
 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය එල්ලවීමට ප‍්‍රථම ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ පූජිත් ජයසුන්දර මහතා මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත.
 
 කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජිනී සිල්වා මහත්මිය ලබාදුන් අවසරය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජී. කේ. නන්දන, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නෙවිල් ද සිල්වා, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එරංග ප‍්‍රනාන්දු යන මහත්වරුන් විසින් එකී ප‍්‍රකාශ සටහන් කර ඇත.
 
 එම රිය අනතුර සිදුවූ දින රාතී‍්‍ර 11.13 ට හිටපු ඇමැති සැකකාර පාඨලී චම්පික රණවක මහතා ඔහුට අයත් 0767115099 යන ජංගම දුරකථනයෙන් එවකට බස්නාහිර දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා භාවිත කළ 0718591002 දරන දුරකථනයට ඇමතුමක් ලබාදී ඇති බවට දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය කරගත් කොළඹ අපරාධ කොට්ඨාසය පූජිත් ජයසුන්දර මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අවසර ඉල්ලා තිබිණි.
 
 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 සහ 67/1 වගන්ති අනුව අධිකරණය විසින් එකී අවසරය ලබාදී තිබිණි.

Related posts

කබ්රාල්ගේ පත්වීම වළකන්නැයි, ඉල්ලූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම 7 වැනිදා

colombotoday

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි.. ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? අවසන් තීරණය අද

colombotoday

අස්ගිරියේ සිංහ නාදයට රාමාඤ්ඤ නිකායත් අවදිවෙයි.. මහා නාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලා

colombotoday

දියවන්නාවේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව ගැන විමර්ශන වාර්තාව පරිසර ඇමතිට

colombotoday

වී කන්න ආ වන අලියා පෙරැලු බිත්තියට යට වී තරුණයෙක් මරුට

Admin