Colombo Today Local News

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල සිටින සියලූ‍ම තාවකාලික පදිංචිකරුවන් ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඔහු කියාසිටියේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලූ‍ දෙනා පොලීසියේ ලියාපදිංචි විය යුතු බවයි.

එහි පළමු අදියර ලෙස කොළඹ දකුණ, කොළඹ මධ්‍යම හා නුගේගොඩ පොලිස් කොට්ඨාසයන්හි පොලිස් වසම් 13 ක තෝරාගත් ග‍්‍රාම නිලධාරි වසම් 60 ක තොරතුරු ලබාගෙන තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ එහි තාවකාලිකව පදිංචිව හෝ ලැගුම් ගෙන සිටින සංඛ්‍යාව 40,871ක් බවයි. මෙලෙස එක් රැස් කරන තොරතුරු පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකස් කර පවත්වාගෙන යන විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත.

Related posts

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

ශ්‍රී ලාංකික තබ්ලිග් ජමාත් දෙදෙනෙක් ඉන්දීය පොලිස් අත්අඩංගුවට

colombotoday

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලයට එක්කළ පුද්ගලයින් අත්අඩංගුවට

colombotoday

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

Admin

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

colombotoday