Colombo Today Local News

කෝටි දොළහ හමාරක වංචාවක් සිදු කිරීම : ලක් පොහොර සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය FCID කැඳවයි.

කාබනික දියර පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි දොළහ හමාරක වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ලක් පොහොර සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කොට තිබේ.

ලක් පොහොර සමාගමේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් මිලියන එකසිය විසි පහක් බේලෝන් නමැති පෞද්ගලික සමාගමක් ඇරැඹීමට බැංකු ඇපකරයක් සේ ලබා දී එම මුදල නොගෙවා රජයට පාඩු කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධව මෙම පරීක්ෂණ ඇරැඹී ඇත. මෙම පරීක්ෂණ කඩිනමින් ඉවර කරන්නැයි කෘෂිකර්ම ඇමැති චමල් රාජපක්ෂ දුන් නියෝගයක් මත මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙසේ කැඳවා ඇත. මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් හිටපු අධ්‍යක්ෂවරියක කැඳවා ප්‍රකාශ සටහන් කර ඇති අතර මෙම මූල්‍ය වංචාවට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලදී දිගින් දිගටම විරෝධය පළකර ඇත්තේ ඇය පමණක් බව හෙළිවී ඇත. ඉදිරියේ දී එවකට හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක විසින් පොහොර සංස්ථාවේ සභාපති ලෙස පත් කළ තැනැත්තකුද මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමට නියමිතය.

Aruna

Related posts

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

පාතාල කල්ලි නායකයෙකු වන ගගනගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

හිරු හා දෙරණට රජයේ දැන්වීම් ලබා දීම අත්හිටුවීමට මංගලගනේ යෝජනාවක්…

colombotoday

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

ඡන්දය දා කලබල කළොත් පොලිසියෙන් වෙඩි…

colombotoday

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday