Colombo Today Local News

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

ආනයනය තහනම් කර ඇති සහ සීමා කර ඇති විදේශ මත්පැන් ඇතුළු රුපියල් කෝටි 80කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබිය දී රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, කහ, විදෙස් මත්පැන්, චීස්, පැස්ටා, එළවළු හා ඔලිව් තෙල් මෙලෙස සොයාගෙන ඇති බවය.

මෙම භාණ්ඩ වරින් වර මෙරටට එවා ඇති අතර එහි කහ කිලෝ 1,015,000ක ප්‍රමාණයක් තිබූ බව සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර රේගුව තුළ සිදුකෙරෙන වංචා වැළැක්වීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි.

Related posts

ඩොලරය ඉහළ යයි

Admin

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයටත් දේශපාලනය රිංගයි – ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියට කැපිල්ලක්

colombotoday

මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී

colombotoday

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

colombotoday

බැදුම්කර වංචාවට අගමැති සහ මුදල් ඇමති වගකිව යුතුයි – ඔව්.. නෑ…

colombotoday