Colombo Today Local News

ගම්මිරිස්, කරුංකා, සියඹලා ඇතුළු මෙරට වගා කල හැකි සුළු අපනයන භෝග පිටරටින් ගෙන්වීම මින්පසු තහනම්…. ගැසට් නිවේදනය නිකුත් වෙයි

ගම්මිරිස් , කරුංකා , සියඹලා ඇතුළු මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් , මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව , කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ආනයනය කිරීම ද තහනම් වනු ඇති.

ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්‍රතිලාභ හිමිවන බවයි.

සුළු අපනයන බෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම හා දිරිමත් කිරීම මෙහි අරමුණයි.

මේ අතර ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි ප්‍රකාරව නිකුත් කර ඇති තවත් ගැසට් නිවේදනයක් මගින් ගුණාත්මකබවින් ඉහළ හා තරගකාරි ගෘහ කර්මාන්ත වන , වෙසක් කූඩු , සරුංගල් සහ හඳුන්කූරූ ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව , කසල පිරිසැකසුම් සහ ප්‍රතිචක්‍රීකරණයට අදාළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා ද අවසර හිමි නොවේ.

එමගින් දේශීය ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය සමග, තත්ත්වයෙන් පහළ ආනයන ද්‍රව්‍ය කවලම් කර ප්‍රතිඅපනයන කිරීම වැළකෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

Related posts

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday

තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස – රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

colombotoday

බන්ධනාගාර බස් රථයෙන් පැන්න රැදවියන් 4ක් ක්‍ෂණිකව යලිත් අල්ලයි.

colombotoday

හරීන් සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි?

colombotoday