Colombo Today Local News

ගැහුවොත් පිස්සු හැදෙන ගංජා වල අතුරු ආබාද – මනෝචිකිත්සකයින් ගංජා නීතිගත කිරීමට එරෙහි වෙයි

ගංජා වගාකිරීම නීතිගත කරන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මනෝචිකිත්සකයින්ගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා.

ඔවුන් පවසන්නේ ගංජා මගින් ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ සහ නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ ශාරීරික, මානසික හා සමාජීය සෞඛ්‍යයට හානි සිදුවන බවයි. එබැවින් රටේ මානසික සෞඛ්‍ය විශේෂඥයින් වශයෙන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි මනෝචිකිත්සකයින් පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් භයානක ඖෂධයක් ලෙස වර්ගීකරණය කරන ලද ගංජාවල විෂ රසායනික ද්‍රව්‍ය රාශියක් අඩංගු වනවා. එබැවින් ගංජා, මනෝභාවයන්, අතුරු ආබාධ, මානසික අවපීඩනයන්, ඇබ්බැහි වීම් ඇතුළු මානසික රෝග රැසකට මංපාදන බවයි මනෝචිකිත්සකයින් පෙන්වා දෙන්නේ.

එසේම ළමුන්ගේ හා තරුණයින්ගේ මොළයේ වර්ධනය, බුද්ධිය සහ අධ්‍යාපනය අඩපණ කිරීමට ද එය හේතු වී ඇති අතර එය බරපතල කරුණක් බව ද මනෝචිකිත්සකයින් පවසනවා. ගංජා දුමාරයේ පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු වන බැවින් නිදන්ගත රෝග මෙන්ම පෙනහළු ආසාදන අවදානම වැඩි කරන බව සඳහන්.

ගංජා දුම් පානය කරන්නන් වටා සිටින අනෙක් අයට, විශේෂයෙන් ගර්භනී මව්වරුන්ට සහ ඔවුන්ගේ ළදරුවන්ට ඉන් දැඩි හානි පැමිණිය හැකි බවයි මනෝචිකිත්සකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Related posts

පළාත්සභා මැතිවරණයට ශ්‍රීලනිප අපෙක්ෂකයන් නෑ… දැම්මත් දිනන්නත් බෑ

colombotoday

හෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday