Colombo Today Local News

ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10ක් නාය යයි. අයෙක් අතුරුදන්…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

අද (19) අලුයම 2 ට පමණ මෙම නාය යාම සිදු වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පවසන්නේ.

ගිනිගත්හේන පොලිසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටක් මෙසේ නාය ගොස් ඇත.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

දෙමහල් ගොඩනැගිලි සහිත නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළදසැල් කිහිපයක් , එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක් , අවහන්හල් දෙකක් , සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබු බවයි පොලිසිය පවසන්නේ.

විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළදසැලේ සිටි සේවකයා මෙසේ අතුරුදහන් වී තිබේ.

නායයමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදි  දැනුම් දි තිබුණි.

Related posts

අගමැති ලේකම් කාර්යාලයේ වියදම් කපන යෝජනාව ඡන්ද 123කින් සම්මතයි

colombotoday

“සෙංකෝලය පැහැරගැනීමේ සැලසුමක්” – හෙට විශ්වාසභංගයේදී වෙන්න යන දෙයක් ගැන ගම්මන්පිල කියයි

colombotoday

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

Admin

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

colombotoday

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

Admin

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday