Colombo Today Local News

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බව ද සඳහන් කරන අමාත්‍යවරයා, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල පිහිටි ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළේ ය.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ, “අද සමහරු සැප විදින්නේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කොට අප රටට එවන මුදලින්” බවය.

එම නිසා විදෙස් රැකියා සඳහා යන කාන්තාවන් ගෞරවාන්විත රැකියා සඳහා යොමුකිරීමේ දී අනෙක් රටවල විදේශ රැකියා සඳහා පිටත්කරන කාන්තාවන්ට ලබා දෙන පුහුණුවට වඩා හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් අපි ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියලුම සහය ලබා දෙන බවත්, ඉදිරියේ දී, රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

Related posts

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

විජයග්‍රහණ හමුදා පෙළපාලි නෑ.. අඩු වියදම් සංස්කෘතික සංදර්ශනයක් සහ බත්තරමුල්ලේදී රණවිරු සැමරුමක් පමණයි

colombotoday

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ රු. කෝටි 176 ක මහා දිනුම ශ්‍රී ලංකිකයෙකුට

Admin

2022 දී ලොවපුරා මිලියන 735ක් කුසගින්නේ.. – එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරයි

Admin