Colombo Today Local News

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුහුණ පළකිරීම Facebook ආයතනය වාරණය කර තිබෙනවා. අද (16) Colombo Today පලකල පුවත් දෙකක් ඉවත් කිරීමට Facebook ආයතනය කටයුතු කර තිබෙනවා.

පසුගිය කාලසීමාවේ විවිධ පුද්ගලයින්ගේ Facebook වාරණය කිරීම සඳහා කටයුතු යෙදුන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බවට චෝදනා එල්ල වුනා. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ රුව Facebook තුල යොදා ගැනීම මේවනවිටත් වාරණය කර තිබෙනවා.

ආණ්ඩු විරෝධී අදහස් දැරීම හේතුවෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ Facebook පිටුව අක්‍රිය කිරීම මෙහි උච්චතම අවස්ථාවයි. පසුව ඔහු විසින් ඇමරිකාවේ නීතිඥ සහයෙන් එම පිටුව යලි ලබා ගත්තා.

කෙසේ වෙතත් තම ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට මෙවැනි ක්‍රියාවන්හි නිරතවීමට කිසිදු ආණ්ඩුවක් ඉතිහාසයේ කටයුතු කර නැත.

එක් පාර්ශවයකට අසාධාරණ ලෙස මෙවැනි කටයුතු සිදුකරන්නේනම් Facebook වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාව තුල අවහිර කිරීමේ සම්පුර්ණ බලය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සතුව ඇත.

Related posts

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

තවත් ඔටෝ ඩීසල් නැවක් දිවයිනට… තොග ගොඩබෑම අද සිට

colombotoday

පැමිණීමට පෙර රසායනික කාන්දුව ගැන ගිනිගත් නැව කොළඹ වරායට දන්වා නැහැ

colombotoday

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

colombotoday