Colombo Today Local News

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීන්දු කළේය.

මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් අධිකරණය හමුවේ සඳහන් කළත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාග කිරීමට තීරණය කළේය.

ඒ අනුව එළැඹෙන 22 දා විත්තිකරුවන්ට උත්තරවාද (චෝදනා සඳහා වරදකරුද? නිවැරදිකරුද යන වග) ඉදිරිපත් කරන ලෙසද අධිකරණය සඳහන් කළේය.

Related posts

මාතලේ අල්ලස් ගත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday

මගේ ප්‍රතිවාදියා වී ගොවීන්ට නොමිළේ පොහොර දෙනව කියනවා… මම සියළුම ගොවීන්ට නොමිළේ පොහොර දෙනවා !

colombotoday

විශ්වාසභංගය ආණ්ඩුව පරාජය කළ හොත් ජනතාවත් පරාජයට පත් වෙනවා | විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

Admin

ඇමරිකා ගිය බැසිල් යළි දිවයිනට

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin