Colombo Today Local News

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වී නැතියි ප්‍රචාරය වන ලිපිය බොරුවක්…. ලිපියේ දිනයත් ඇමරිකාවේ නිවාඩු දිනයක් !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර නැති බවට මේ වන විට අන්තර්ජාලයට මුදා ගත ලිපිය සම්පූර්ණ අසත්‍ය දිවිල්ලක් බවත් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් අප වෙත සඳහන් කළාය.

ඇය සඳහන් කරන ලද්දේ ලිපියේ සඳහන් දිනය වන නොවැම්බර් 11 වන දා ඇමෙරිකාවේ මහජන නිවාඩුවක්ද වීම හාස්‍ය උපදවන්නක් වන බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක මහජන නිවාඩු දිනයකදී එවන් ලිපි හුවමාරු නොකරන බවද ඇය කියා සිටියාය.

එමෙන්ම කිසිවකුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ අවසාන බලාධිකාරිය ඇත්තේ අදාල පුද්ගලයාගේ පුරවැසිභාවය ඇති රටේ ඇති තානාපති කාර්යාල බවද පැවසූ ඇය එතැනින් එම අවසන් ලිපි නිකුත් කර ඇමරිකානු විදේශ ගමන් බලපතය ආදී ලේඛනයන් අහෝසි කිරීම සිදු කරන බවද කියා සිටියාය.

Lankacnews

Related posts

” කිරි ආහාර නිදහස් කරගන්න අපි ඩොලර් ලබාදුන්නා. “

colombotoday

ජනපති රනිල් ලෝක ආර්ථික සමුළුවට යයි

Admin

දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

ඇමති අරුන්දිකගේ ජීප් රථය කරනම් ගහයි.. තිදෙනෙක් රෝහලේ..

colombotoday

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

colombotoday