Colombo Today Local News

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එරෙහිව කෙසේ හෝ නඩු පවරන ලෙසට අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය තමන් ඇතුළු නිලධාරීන්ට බලපෑම් කළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

ඇවන්ගාඩ් හෙවත් සමෘද්ද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී 200කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත්ත ද නඩු පැවරීමට තරම් ප්‍රබල සාක්ෂියක් අනාවරණය නොවූ බවත්, නීතිපති දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳ දැනුම් දී තිබියදී එම කරුණු පසෙකට දමා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසමට කැඳවූ බවත් හෙතෙම අනාවරණය කළේය.

එලෙස අල්ලස් කොමිසමට කැඳවූ රාජපක්ෂ මහතාව අපහසුතාවට පත් කරමින් හා පොලිස් නිලධාරීන්ට බලපෑම් කරමින් ප්‍රකාශ සටහන් කරගත් අයුරු පිලිපිටිය මහතා විස්තර කළේය.

2015 වසරේදී මම සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මල්ලිකාරච්චි මහතා සමග ඇවන්ගාඩ් මූලික විමර්ශන කළා .

අදාළ විමර්ශනයේදී පුද්ගලයින් 200 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ , මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතූළු පිරිසට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රබල සාක්ෂි එම විමර්ශණයේදි අනාවරණය වුයේ නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳව දැනුම් දී තිබුණා. එම කරුණු නොතකා ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට කැඳවූවා. රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ස්ථානයේ CCTV කැමරා පද්ධති සවි කරමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ කොමිසමේ තවත් උසස් නිලධාරියෙකු වෙනත් ස්ථානයක සිට එය නිරීක්ෂණය කළා.

ගෝඨාභය රාජපක්ෂගෙන් විමසිය යුතු ප්‍රශ්න ඇතුළත් කොළ කෑලි කිහිපයක් විමර්ශන නිලධාරින් අතට පත් කර එම නිලධාරීන්ද මානසික වශයෙන් පීඩාවට ලක් කළා.

කොමිසමේ සභාපතිවරයා.-කොළ කැලිවල ලියලා එවපු ප්‍රශ්න මොනවද?

.”විමර්ශනයට කිසිසේත් අදාළ නොවන ප්‍රශ්න එහි ඇතුළත්තිබුණා”

අදාළ විමර්ශනයන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව දූෂණය නැමැති වරද සිදු කර ඇති බව ට සාක්ෂි නොමැති බව වික්‍රමසිංහ මහත්මියට දැනුම් දුන්නා.එම දැනුම් දීමෙන් පසුව උරණ වු දිල්රුක්ෂි මහත්මිය ෆයිල් පොළොවේ ගසා “ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ.” යනුවෙන් පරුෂ වචනයෙන් බැණ වැදුණා. .

එහි ප්‍රතිඵලය ලෙස මට ස්ථාන මාරුවක් ලබාදී තිබූණා.

අනතුරුව ඇවන්ගාඩ් විමර්ශනය වෙනත් නිලධාරින් දෙදෙනෙකු අතරට පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ , පාලිත ප්‍රනාන්දු , නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසට එරෙහිව නඩු පවරා තිබෙනවා.යැයිදි කොමිසම හමුවේ පැවසීය.

Related posts

ආපදා සහන දෙන්න, ජාත්‍යන්තර සමුළුවක් කැදවා ආධාර ඉල්ලන්න යයි !

colombotoday

අද මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

colombotoday

“මධුෂ්ලා ලග මත්ද‍්‍රව්‍ය තිබිලා නෑ, බීලා විතරයි, මං එයාලව බේරගන්නවා” – නීතිඥ උදුල් ප්‍රේමරත්න

colombotoday

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

colombotoday