Colombo Today Local NewsUncategorized

ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?

prajitha d gns

ඇවන්ගාඩ් සිද්ධිය මුල්කරගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට ගත් සියළු උත්සාහයන් වතුරේ ගොස් ඇති තැන රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් අවසාන තුරුම්පුවත් අත්හදා බැලීමට ගත් උත්සාහයක් පිළිබදව දැනගන්නට ලැබී තිබේ.

ගිනි අවි ආඥාපනත උල්ලංඝනය කරමින් ඇවන්ගාඩ් හා රක්නාලංකා ආරක්ෂක සමාගම හරහා නීති විරෝධී ලෙස අවි ජාවාරමේ යෙදුණු බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඒ සදහා රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වන ලෙසත් රාජිත සේනාරත්න ඇමතිවරයා වෙනත් පාර්ශවයක පණිවිඩකරුවකු ලවා ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට දන්වා ඇත. රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් වූවොත් දැනට එල්ල කර ඇති චෝදනාවලින් ඔහුව ඉවත් කර බාධාවකින් තොරව ව්‍යාපාරය ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය කටයුතු සලසා දිය හැකි බවද දන්වා ඇත.

නමුත් තමන්ට ව්‍යාපාර අහිමි වී මහපාරට වැටුණද ඒ වගේ “පර වැඩක්” නොකරන බව ඇවන්ගාඩ් අධිපතිවරයා හැරුණු තැපෑලෙන් රාජිත සේනාරත්න ඇමතිවරයාට දන්වා ඇත. ඒ අනුව ඇවන්ගාඩ් සිදුවීම හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ගත් අවසන් සැළසුමත් අකුලා ගැනීමට අදාල ඇමතිවරයාට සිදු වී ඇත. අර්ජුන රණතුංග සහ චම්පික රණවක යන ඇමතිවරුන් මේ වන විට ඇවන්ගාඩ් විරෝධී සටනින් තරමක් පසුබා ඇති නමුත් රාජිත සේනාරත්න ඇමතිවරයා සිය සුපුරුදු අදෝනාව මාධ්‍ය ඉදිරියේ තවමත් දිගහරිමින් සිටිනු දක්නට ලැබේ.

කෙසේ වෙතත් ඇවන්ගාඩ් හබය මේ වන විට තවත් උණුසුම් වී ඇති අතර පෙරේදා දෙරණ රූපවාහිනියට සාකච්ඡාවක් ලබා දෙමින් ඇවන්ගාඩ් අධිපතිවරයා “රාජිත සේනාරත්න යනු කප්පම් ගත් එකෙක්” බව ප්‍රසිද්ධියේම පවසා තිබිණි. තම සමාගම ඇමතිවරයාගේ නැව් අටකට ආරක්ෂාව ලබා දුන් බවද ඒ කාලේ හොද වූ ඇවන්ගාඩ් දැන් නරක් වී ඇති බවත් දැන් කෑ ගහන්නේ කුට්ටිය නොලැබෙන නිසා බවත් ඇවන්ගාඩ් අධිපතිවරයා පවසා තිබිණි.

ඇවන්ගාඩ් ප්‍රධානියා මේ ලෙස විවෘතවම අදාල පුද්ගලයන් ගැන ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ පෙර සම්බන්ධකම් පිළිබදව ඔහු සතුව සාක්ෂි තිබෙන බැවින් වන බවත් සෙසු ඇමතිවරුන් දෙදෙනා ඇවන්ගාඩ් සම්බන්ධයෙන් සේනාධිපති මහතා සමග වාද විවාද වලට නොඑන්නේ පෙර කී ඇමතිවරයා මෙන් හත්පොළේ ගා ගැනීමට ඇති අකමැත්ත නිසා බවත් තතු දත්තෝ පවසති.

Related posts

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

මිලියන 3ක කහ තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ගැන තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

Admin

ආදායම් බදු පැහැර හැරීම් සඳහා දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාස සිට යලි ක්‍රියාත්මකයි

colombotoday

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin