Colombo Today Local News

චීනයේ සිට ආ සිසුන් දියතලාවට ගෙන ඒම නවතනු – මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්

චීනයේ සිට මෙරටට පැමිණි සිසුන් දියතලාවට රැගෙන ඒමට රජය ගෙන ඇති තීරණයට තමා විරුද්ධ බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද (30) පැවසීය.

වතුකරයේ ජනතාවගේ වතු නිවාස එක පෙළට පිහිටා තිබීමත් එම නිවාස පේළිවල විශාල ලෙස ජනතාව ජීවත්වීම හේතුවෙන් වතුකරයට මෙම වෛරසය පැතිරුණ හොත් මුළු වතුකරය පුරාම පැතිරයාමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසීය.

මෙම වෛරසය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් වී නොමති බැවින් දමිල භාෂාව දන්නා නිලධාරීන් යොදවා මෙම වෛරසය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවත් මේ සඳහා ඉතා ඉක්මනින් රජය මැදිහත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කීය.

චීනයේ සිට මෙරටට පැමිණෙන මෙම පිරිසට මෙම කොරෝනා වෛරසය ආසාධනය වී මෙම ප්‍රදේශයේ වෛරසය පැතිර ගියහොත් විශාල විනාශයක් සිදුවිය හැකි හෙයින් මෙම රෝගීන් දියතලාවට රැගෙන ඒම වහාම නතර කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

Related posts

මත්ද්‍රව්‍ය දී තරුණයන් හොරකමේ යෙදවූ අඹුසැමි යුවල බඩුත් එක්කම මාට්ටු

colombotoday

“විපක්ෂ නායකකම ඒකාබද්ධයට ඕන“ – මහින්ද දැඩි ස්ථාවරයක

colombotoday

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

සුමන්තිරන්ලාගේ ප්‍රකාශවලින් එළියට එන්නේ විශ්වාසභංගය දිනාගන්න දුන් පොරොන්දු !

colombotoday

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday