World

චීනය අමෙරිකාවට එකට එක කරයි

චීනයේ සිටින ජ්‍යෙෂ්ඨ අමෙරිකානු තානාපති නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන බව චීන රජය නිවේදනය කර තිබේ.

එම සම්බාධක කුමක් ද යන්න මෙතෙක් පැහැදිළි කර නොමැත.

චීනය මෙම පියවර ගෙන ඇත්තේ අමෙරිකාව පසුගිය සැප්තැම්බර් 3 වැනිදා එහි සිටින චීන තානාපති නිලධාරීන්ට එරෙහිව එවැනි ම පියවරක් ගත් හේතුවෙනි.

මේ අතර, චීන – අමෙරිකා මත ගැටුම් ඉහළ යමින් ඇති පසුබිමක, චීනයේ සිටින අමෙරිකානු තානාපති ටෙරී බ්‍රැන්ස්ටඩ් එම ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඔහු එරට තානාපතිවරයා ලෙස වසර 3ක් කටයුතු කළේය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බ්‍රැන්ස්ටඩ් එළඹෙන ජුනි මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර චීනයෙන් පිටත්වීමට නියමිත ය.

Related posts

දෝෂාභියෝගය සම්මතයි.. බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි !

colombotoday

හමාස්ට එරෙහි මෙහෙයුම පූර්ණ ශක්තිය යොදා අඛණ්ඩව ගෙන යනවා | ඊශ්‍රායල අගමැති ජනතාවට කියයි.

colombotoday

ලන්ඩන් IS ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දක්වන්න සෞදි පාපන්දු කණ්ඩායම බෑ කියයි..

colombotoday

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

Admin

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

colombotoday

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

Admin