World

චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියයයි

කාශ්මීර කලාපයේ ලඩාක් හිදී චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මිය ගිය අය අතර හමුදා නිලධාරියෙක් ද සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දෙරට අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුම්කාරී තත්ත්වයන් අතුරතුර දශක ගණනාවකට පසු සිදුවූ පළමු පුද්ගල මරණය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හමුදාව පවසන්නේ මෙම තත්ත්වය සමනය කිරීම පිළිබඳ දෙරටේ හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඒකපාර්ශවීය අන්දමින් තීරණ ගෙන තවදුරටත් ගැටලු ඇති කර නොගන්නා ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින බව ඊට ප්‍රතිචාර දක්වමින් චීන හමුදාව සඳහන් කර තිබේ.

Related posts

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පනයක්

Admin

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

colombotoday

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin