Colombo Today Local News

ඡන්දෙන් පස්සේ පක්ෂයේ තනතුරුවලින් ඉවත් වෙනවා- මෛත්‍රිපාල

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ ඇතැම් පිරිස් පක්ෂ කඩා වැටි ඇති බවට ප්‍රකාශ කළත් එවැන්නක් සිදු වී නොමැති බවය.

යම් පසුබැසීමක් තිබුණත් පක්ෂයට අනාගතයක් තිබෙන බවත් ඉදිරියෙදී තමන් පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙස සිටිමින් පක්ෂයේ භාරකාරත්වය තරුණ පරපුරට භාරදෙන බවත් ඒ මහතා පවසයි.

සම්ප්‍රධායික දේශපාලනයෙන් බැහැරවුණු උගත් තරුණ නව අදහස් ඇති අලුත් ලොවක් ගැන දැණුමක්ඇති පිරිසකට පක්ෂය භාර දිය යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

Related posts

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday

යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ශ‍්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම් කරයි

colombotoday

රිෂාඩ්ගේ නිවෙස රස පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට

colombotoday

සති අන්තයේ කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

පොදු ප්‍රවාහන සේවයට වාහන ආනයනයත් අත්හිටුවයි

Admin