World

ජනතා විරෝධතා හමුවේ ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

ලෙබනනයේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, රට තුළ කි‍්‍රයාත්මක මහජන විරෝධතා මාලාව හමුවේයි. තමන් ප‍්‍රමුඛ රජය ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ලෙබනනයේ අග‍්‍රාමාත්‍ය හසන් ඩයබ් විසින්.

රාජ්‍ය රූපවාහානිය හරහා ජනතාව අමතමින් අග‍්‍රාමාත්‍යවරයා රජයේ ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළා. කෙසේවෙතත් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගන්නා තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙසයි ලෙබනනයේ ජනාධිපති මයිකල් ඕන්, අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කර තිබුණේ. එහෙත් රටතුළ පවතින මහජන විරෝධතා රැල්ල උත්සන්න වීම හේතුවෙන් අග‍්‍රාමතවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවුණා.

ලෙබනන් වැසියන් මෙරට එලෙස පාලන තන්ත‍්‍රයට එරෙහිව විරෝධතා පවත්වමින් සිටින්නේ එරට බේරූට් අගනුවර වරාය තුළ ඉකුත් දා සිදුවූ ප‍්‍රබල පිපිරීම හමුවේයි. වරාය තුළ වසර 06 ක් පුරා ගබඩා කර තැබුණු ඇමෝනියම් නයිටේ‍්‍රට් ටොන් 2700 ක් එලෙස පුපුරා ගිය අතර 200 කට අධික පිරිසක් ඉන් මියගියා.

තුවාල ලැබූවන් සංඛ්‍යාව 4000 කට අධිකයි. රජයේ වගකීම් විරහිතභාවය මෙන්ම දූෂිත භාවයේ ප‍්‍රථිඵලයක් ලෙස මෙම විනාශකාරී පිපිරීම සිදුවූ බවටයි ලෙබනන් වැසියන් චෝදනා නගන්නේ.

Related posts

ISIS නායකයා රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට !

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක

colombotoday

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday