Colombo Today Local NewsUncategorized

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

thai_2ජනපතිගේ තායිලන්ත සංචාරයේදී සංවිධානය කර තිබූ තායි-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවට සහභාගී වීම සදහා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ව්‍යාපාරික සගයන් පමණක් සහභාගී කරවාගෙන ඇති බව වාර්තා වේ.

එම රට සමග ආනයන අපනයන ද්විපාර්ශික සබඳතා පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ සමාගම් වෙත ‘Chamber of Commerce’, ‘ Export Development Board (EDB)’ සහ ‘Sri Lanka Tourism Development Authority’හරහා ආරාධනාවක් ලැබී තිබූ අතර තායිලන්තය සමග එසේ වෙළඳ සබඳතා පවත්වාගෙන යනු ලබන සමාගම් අසූ ගණනක් මේ සඳහා අයදුම් කර තිබී ඇත.

නමුත් තායිලන්තය සමග දැනට වෙළද සබදතා පවත්වන සමාගම් කපා දමා මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ හිතවතුන් සමාගම් මෙම සංචාරයට සහභාගී කරවාගෙන ඇති අතර එම සමාගම් තායිලන්තය සමග කිසිදු වෙළද ගනුදෙනුවක් නොකරන ඒවා වෙති.

අමාත්‍යවරයා විසින් තෝරාගනු ලැබුවේ පහත සඳහන් ඔහුගේ මිතුරන් සහ ඔවුන්ට අයත් සමාගම්ය.

1. ජිත් ගුණරත්න – John Keels Holdings Plc.
2. හැරී ජයවර්ධන – Aitken Spences Plc.
3. සුරේෂ් කේ. ෂා – Carsons
4. සමන්ත රණතුංග – CIC Holdings
5. මාලිංග ඩී ෆොන්සේකා අර්සකුලරත්න – Hemas Holdings
6. මුක්තාර් මරික්කාර් – Mac Frostair Industries
7. ඇන්ඩෘ ප්‍රනාන්දු – Mac Holdings (Pvt.) Ltd
8. ධම්මික පෙරේරා – Valibal 1
9. ජීවන්ත විජේසේකර – Asia Holdings Lanka
10 සනත් මාරසිංහ – Dutch Lanka Entertainment
11.එල්.ජී.එන්.වයි අබේතුංග – Serendibus International
12. හෂාන් රංගන රාජපක්ෂ – ITN system Design
13. ප්‍රීමාල් ප්‍රනාන්දු – Silver Shore Holdings
14. විජේකෝන් – Duluxe

මේ අනුව මලික් ගේ මිතුරන් සමූහය ඔහුගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ රජයේ බදු ගෙවන්නන්ගේ මුදලින් තායිලන්තය කරා ගොස්, සැප ලබාගෙන පැමිණ තිබේ. නමුත් මේ සඳහා සහභාගි වියයුතුවම තිබූ සමාගම් මලික් සමග පුද්ගලික ගණුදෙනුවක් නොමැති හෙයින් කැපී ගොස් තිබේ.

මෙසේ කැපී ගිය සමාගම් 30 ක් මේ වන විට ජනාධිපති කාර්යාලයට මේ බව ලිපි මගින් දැනුම් දී තිබේ. ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාව ජනාධිපතිවරයාගේ දැඩි දෝශ දර්ශණයට ලක්වී ඇත.

මෙම ව්‍යාපාරිකයන්ගේ තායිලන්ත සංචාරය සිදුවී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේද අනුදැනුමකින් තොරවය.

තායිලන්තයේ ශ්‍රී ලංකාව සමග ගණුදෙනු කරන සමාගම්වල ඉහළ නියෝජිතයන් අනූවකට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් හුදෙක්ම පැමිණ ඇත්තේ තමන්ගේ ශ්‍රී ලාංකික නියෝජිත සමාගම් හමුවීමේ බලාපොරොත්තුවෙන් වුවද අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකළාපයෙන් එය ඇණහිට තිබේ.

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්

colombotoday

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin

හොර ඡන්ද දැමීම හා ඡන්දය වැළැක්වීම සමූහ ස්ත්‍රී දූෂණයකට සමානයි – මැ.කො.

colombotoday

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday