Colombo Today Local News

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නොමැති බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (18දා) කොළඹ බෞද්ධාලෝක පොසොන් කලාපයේ තොරණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එසේම ජනපති අපෙක්ෂකයා සුදුසු වේලාවේදී ප්‍රකාශ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇතැම් අය චමල් රාජපක්ෂ මහතා ඉල්ලන බවත් තවත් අය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලන බවත් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා සඳහන් කළේ එය එසේ බවයි.

“කවුරු වුණත් අපි දාන අපෙක්ෂකයා දිනනවා. ඒක තමයි කියන්න තියෙන්නේ” යැයිද ඔහු පැවැසීය.

Related posts

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday

හෙරොයින් කිලෝ 2ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

colombotoday

CCTV දර්ශන වල තාජුඩීන් ඝාතකයන් ගැන සාක්ෂි නැති බව අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

බළලා මල්ලෙන් එළියට පැන්නා.. පවිත්‍රා ලේලිය ජෝන් මාමාගේ රෙදි උණා දමයි (Video)

colombotoday

කඩා වැටුණු හෙලිකොප්ටරයේ නියමුවාට ජනපතිගෙන් හදිසි ඇමතුමක් !

colombotoday

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday