Colombo Today Local News

ජනපති නියෝගයට එරෙහිව NGO කල්ලියෙන් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම ව්‍යවස්ථා වීරෝධී හෙයින් රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17දා) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.

කතිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතීපතිවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කොට ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා සතුව අමාත්‍යාංශ දෙකක් තිබියදී වෙනත් අමාත්‍යාංශයක් සතු ආයතනයක් පවරා ගැනීමට නොහැකි බව සඳහන් කරන පෙත්සම්කරුවෝ එසේ කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටිති.

Related posts

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

colombotoday

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday

අර්බුදය අවසන් වනතුරු පාර්ලිමේන්තුවට එන්නේ නෑ – මන්ත්‍රී චාමර සම්පත් මැතිසබේදී කියයි

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රජයට අනතුරු ඇගවීමක්

Admin

රණවිරු සැමරුම් මාසය අද සිට ඇරඹේ

colombotoday

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

colombotoday