Colombo Today Local News

ජනපති නෙලුම් කුලුන ගැන සිදු කළ ප්‍රකාශය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක්

නෙලුම් කුලුන ඉදිකරීමේදී මුලින් ගෙවූ රුපියල් බිලියන 2ක අත්කාරම් මුදලට හෝ එය ගෙවූ සමාගමට සිදුවු දෙයක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16දා) කළ ප්‍රකාශ්‍ය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වන අනූෂ පැල්පිට මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

“නෙලුම් කුලුන විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ.

නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී.  එම සමාගම් දෙක වන China national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නෙලුම් කුලුනේ  ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපතිවරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ද සාකච්ඡා කර ඇත.

මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත. ALIT සමාගමේ සභාපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවරALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් විදුුලි සංදේශ නියාම කොමිසන් සභාවේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත.

2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වා නෙලුම් කුලුන ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවාට ගෙවන ගෙවීම් සිදුකර ඇත්තේ ද. CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකයකටය.

මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත. මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතුය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි.”

Related posts

රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක්

colombotoday

ජාතියකට විශේෂ උවමනා ඉටුකරන වෙලාවක් නෙවෙයි මේක. හිතන්න ඕනි ජිවත් වෙන අය ගැනයි. වැලලෙන්න හදන අයට අගමැතිගෙන් පිළිතුරු

colombotoday

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

Admin

අගමැති අල්ලස් ලොක්කීගේ පඩිය වැඩිකරයි.. පරන තනතුරටත් අදාලව දීමනා ඩබල් වෙයි

colombotoday