Colombo Today Local News

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කර තිබේ.

ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද(09) දිනයේදී අදාළ පත්විම් සිදු කර තිබේ.

මේ අතර  උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙස ද පත් කර තිබේ.

Related posts

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

මැදිරිගිරියේ අලියා දණින් වැටේ.. එජාප ප්‍රාදේශීය බලකණු බුරුතු පිටින් පොහෝට්ටුවට එකතු වේ !

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

colombotoday

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන් අද

Admin

මීගමුව රෝහලේදී කොරෝනා දෙවන මරණය වාර්තා වේ.

colombotoday

උරුමයක අරුමය නොදත් නරුමයෝ දඹුලු වෙහෙරේ සිතුවම් වනසයි.. සෙල් ලිපිවලටත් හානි කරලා

colombotoday