Colombo Today Local NewsHot News

ජනපති මැදුරේ “භූගත නිවස්නය“ හැදුවේ ඇයි? හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙළිකරයි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රය තුළ ඉදිකර ඇති “භූගත ආරක්ෂක නිවහන“ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික අවශ්‍යතාව මත ඉදිකරන ලද්දක් නොවන බවත්, එය රහසින් ඉදිකරන ලද්දක් නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

[mom_video type=”youtube” id=”qybL0ZPtPlE”]

එල්.ටී.ටී.ඊ. ගුවන් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබුණු බැවින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා ගතයුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස ආරක්ෂක මණ්ඩලයේ සහ හමුදාපතිවරුන්ගේ අනුදැනුම මත මෙම ආරක්ෂක නිවස්නය ඉදිකළ බවයි  එතුමා වැඩිදුරටත් පැවසූවේ. කැළණිතිස්ස බලාගාරයට ගුවන් ප්‍රහාර එල්ල කළ කොටි ගුවන් යානාව කොළඹ ජනාධිපති මන්දිරය ඉලක්ක කරමින් පහරදීමට පැමිණි එකක් බවද එතුමා සදහන් කළා. යුධමය වාතාරණයක් පැවති අවස්ථාවක ආරක්ෂක අවශ්‍යතාවන් මත එවැනි නිවස්නයක් ඉදි කිරීමට සිදු වූ අතර එය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ අවශ්‍යතාවය පිණිස නොව ඕනෑම අවස්ථාවක රටේ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව පිණිස ඉදිකරන ලද්දක් බැවින් මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව නගන චෝදනා පදනම් විරහිත බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.

Related posts

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට දැඩි විරෝධය.. ජවිපෙ සිරිකොතේ හිටගෙන යුධ ප්‍රකාශ කරයි !

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

‘මහින්දට පක්‍ෂයෙන් යන්න පුළුවන්… පක්‍ෂ විනය කඩකළ අයට කිසි සමාවක් නෑ“ – දුමින්ද දිසානායක

colombotoday