Colombo Today Local News

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75ක් දෙන්නම්. – එජාප ප්‍රභලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

බොදු බල සේනා සංවිධානය විසින් 2019 ජනාධිපතිවරණය සඳහා විකල්ප අපේක්ෂකයෙකු ලෙස පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කරන්නේනම් රුපියල් කෝටි 75 ක් ලබා දිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරයෙකු යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අදාල අමාත්‍යවරයාගේ සමීපතමයෙක් ඔතෝම්බර් 3 වෙනිදා ඥානසාර හිමි හමුවී මෙම යෝජනාව කර ඇති බවත් මැතිවරණයට ඉදිරිපත් වී ඥානසාර හිමි ලක්ෂ 5ක පමණ චන්ද ප්‍රමාණයක් ලබා ගන්නේනම් එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරන බවත් ඊට පසුව තවත් සැලකිය යුතු මුදලක් ලබාදිය හැකි බවත් එම පුද්ගලයා විසින් ඥානසාර හිමිට පවසා ඇත.

කෙසේ වෙතත් එම යෝජනාව ඥානසාර හිමි විසින් එකහෙලා ප්‍රතික්ෂේප කර ඇති අතර එවිට කෝටි 75ක මුදල කෝටි 100 දක්වා වැඩි කර ලබා දිය හැකි බව ඔහු පවසා ඇත.

එම යෝජනාවෙන් පසු “මට ලන්සු තියන්න එන්න එපා” යැයි පවසමින් ඥානසාර හිමි කෝප වී තැරව්කරුට දැඩි ලෙස බැන වැදී ඇති අතර හිස් අතින් ආපසු පැමිණි තැරව්කරු “බඩට බත් නැතත් ආත්මය පාවා දෙන්නේ නෑ. දැන් කරුණාකරලා මෙතැනින් යන්න” යැයි තමාව එලවා ගත් බව අමාත්‍යවරයාට පවසා ඇත.

Janahada.com

Related posts

රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් – මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් තද තීරණයක්

colombotoday

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා

colombotoday

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

Admin

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

Admin