Colombo Today Local News

ජනාධිපති, අගමැති ඇතුළු රජය දුරදිග බලා කටයුතු සැලසුම් කළා. විපක්ෂයේ අරමුණ රට විනාශ කිරීමයි. – ජී. එල්. පීරිස්

ජනාධිපති හා අගමැති ඇතුළු රජය දුරදිග බලා කටයුතු සාර්ථකව සැලසුම් කළද, විපක්ෂයේ අරමුණ පියවරෙන් පියවර රට විනාශ කිරීම බව මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.

පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේ ද පැවසීය.

‘‘ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන විසි එකකට ආසන්නයි. මරණ වාර්තා වී තිබෙන්නේ නවයයි. මෙම වසංගතය සාර්ථකව කළමනාකරණය කිරීමට රජයේ සියලු ආයතන, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනා ඉතා වගකීමෙන් කටයුතු කළා.

මෙම කොරෝනා වසංගතය අද හෙට තුරන්වන තත්ත්වයක් නෑ. ඒ නිසා වසංගතය සමග ජන ජීවිතය ගෙන යාමට සැම දෙනෙක්ම හුරුවිය යුතුයි.

ජාත්‍යන්තර වෙළෙඳාම යළි පණ ගැන්වීම කාලීන අවශ්‍යතාවක් වුවද, එය එකපාරටම කළ හැක්කක් නෙවෙයි. අද වන විට මැතිවරණ සම්බන්ධයෙන් පෙත්සම් පහක් ඉදිරිපත් වී තිබෙනවා. එය මේ අවස්ථාවේ උචිත දෙයක් නොවෙයි. ප්‍රමුඛත්වය මැතිවරණ පැවැත්වීම නෙවෙයි, ප්‍රධාන අභිලාෂය කෝවිඩ් 19 සම්පූර්ණයෙන් තුරන් කිරීමයි.

කිසිදු හේතුවක් නිසා විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් සඳහා බලාපොරොත්තුවක් හෝ අවශ්‍යතාවක් නෑ. අර්බුදය හමුවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් මේ රටේ ඉරණම තම සියතට ගන්නයි ඔවුන් උත්සාහ කරන්නේ.

මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අදාළ අංශයන්ගේ උපදෙස් මත කටයුතු කළ යුතුයි’’

Related posts

මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ – Video

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි !

colombotoday

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

colombotoday