World

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

ජපානයේ ටෝකියෝ නගරයෙන් තුන්වන දිනටත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සියයට අධික පිරිසක් වාර්තා වී තිබේ.

එම නගරයෙන් වෛරස ආසාදිතයින් 130 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,068 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

රාත්‍රී කාලය තුළදී ආපනශාලා සහ වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගැනීමත් සමඟ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව සඳහන්.

ජපානය විසින් කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සීමාවන් පැනවීම සිදු නොකළහොත් තවදුරටත් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබේ.

Related posts

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday

ජෝ බයිඩන් ඊශ්‍රායලයට යයි

Admin

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

අධිවේගී මාර්ගයක වාහන 48ක් එකිනෙක ගැටෙයි

Admin

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday