Colombo Today Local News

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේ එරටින් පිටත්ව ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් ජලශ්වා නෞකාව අද පස්වරුවේ කොළඹ වරායට ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාළ නෞකාවේ මෙරට රැඳී සිටින ඉන්දීය ජාතිකයින් 700කටආසන්න පිරිසක් රැගෙන යාමට නියමිතයි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ සිය රට බලා යාමට නොහැකිව ඉන්දීය ජාතිකයින් 1500කට අධික පිරිසක් මෙරට රැදී සිටින අතර ඉන් පළමු කණ්ඩායම පසුගිය 29 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඉන්දීය ජාතිකයින් 176 දෙනෙකු එලෙස පිටත්ව ගිය අතර ඒ සඳහා ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පැමිණ තිබූණි.

දෙවන කණ්ඩායම ලෙස ඉන්දීය ජාතිකයින් 700කට ආසන්න පිරිසක් රැගත් ජලශ්වා නෞකාවෙන් හෙට කොළඹ වරායෙන් පිටත්ව යාමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ අයට ‘අපේ ශ්‍රීලනිපයෙන්‘ සංවිධායක තනතුරු

colombotoday

විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරු එකතු වී ඥානසාර හිමිට එරෙහිව විරෝධතා. Photos

colombotoday

උසස් පෙළ වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීම ගැන විශේෂ සාකච්ඡාවක්

Admin

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

උපවාසය දරුණු අතට හැරෙයි.. විමල් වතුරත් එපා කියයි !

colombotoday

සමන් රත්නායක අද අධිකරණයට

Admin