Colombo Today Local News

ජල මණ්ඩලයේ නාස්තිය අවම කරගන්නවා වෙනුවට ජල ගාස්තු 65%න් වැඩි කරන්නටනම් ඇමතිවරයෙක් මොකටද?

ජල ගාස්තු ඉහළ දැමීමේ සූදානම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පහත දැක්වේයි.

 ජල ගාස්තු 65% කින් වැඩි කල හොත් ජල පාරිභෝගිකයින් ඒ පිළිබදව දැනුවත් කොට රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා

කිසිදු හේතුවක් නොමැතිව ජල ගාස්තු 65% වැඩි කිරීමට විෂයභාර ඇමතිවරයා ගන්නා උත්සහය අප සංවිධානය දැඩිව හෙළා දකිමු. ජල සම්පාදන මණ්ඩලයේ නාස්තිය අවම කර ගැනීම වෙනුවට ජලසම්පාදන මණ්ඩලයේ අධික වැය බර පාරිභෝගිකයා වෙත පැටවීමට නම් එම අමාත්‍යාංශයට ඇමතිවරයෙක් අවශ්‍යදැයි අප ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්ණ කරන අතර අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඇමතිවරයා ගෙදර ගියද ජල ගාස්තුව වැඩි කිරීමට ඉඩ නොදෙන ලෙසයි.

මෙරට ජනතාව තුන්වේල හරියට කන්න නොමැතිව දුක්විදින මෙම අවස්ථාවේ ජල ගාස්තුව වැඩි කළහොත් ජනතාව කළලෙන් ලිපට වැටෙන බව ද පෙන්නා දෙමු. මක්නිසාද යත් ජල ගාස්තුව වැඩි කිරීම හරහා බේකරි නිෂ්පාදන හා ආපනශාලා නිෂ්පාදන මෙන්ම ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් ද ඉහළ යන බැවිනි.

ජල සම්පාදන මණ්ඩලය වඩාත්  කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දෙන බවට සෑහීමට පත්වීමට පවා නොහැකිය. මේ වන විට කලුතර දිස්ත්‍රීක්කයේ ජනතාවට මාස දෙකක් පමණ බීමට සිදුව ඇත්තේ ලවණ මිශ්‍ර ජලයය. ඒ සදහා විධිමත්  ක්‍රියාමාර්ග ගැනීමට තවමත් ජල සම්පාදන මණ්ඩලය සමත් වී නොමැත.

වඩාත් ඵලදායී හා ගුණාත්මක සේවාවක් ජල පාරිභෝගිකයින්ට ලබා දී ජල සම්පාදන මණ්ඩලයේ නාසිතිය හා දූෂණය අවසන් කොට පාරිභෝගිකයාට යන්තම් හෝ හුස්ම ගත හැකි පරිසරයක් ඇතිවූ විගස සාධාරණ මුදලකින් ජල ගාස්තුව වැඩි කිරීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර එසේ නොකර ජල ගාස්තු 65% කින් වැඩි කල හොත් ජල පාරිභෝගිකයින් ඒ පිළිබදව දැනුවත් කොට රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද දන්වමි.

  රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

CIDය තුළදී තමා මරා දැමීමේ සැලසුමක් ඇතැයි ජනපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කියයි…

colombotoday

මංගල සමරවීර හමුදාව පාවාදීලා රට පාවාදුන්න වසලයෙක්… ප්‍රජාතන්ත්‍රවාදය වැනසුවේ යහපාලනයයි – සෙන්පති කමල් ගුණරත්න

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන්, යල කන්නයේ වී ගැනීමට නියමිත මිල ගණන් මෙන්න

colombotoday

“චන්ද්‍රිකා මහින්ද ගැන නයි වෛරයෙන් කියන කතා ශ්‍රීලනිප සමගියට බාධාවක්.. ඇය දැන් එක්ස්ෆයර්” – ඩිලාන්

colombotoday

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

colombotoday

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාවක් – සජිත්

colombotoday