Colombo Today Local News

ජවිපෙ අපේක්ෂකයා නිසා ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු වුණා – ගම්මන්පිල

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්ඝෝ කිරීම තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තවදුරටත් තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ වන විට ගෝඨාභය මහතා රටේ ජනාධිපති කර ගැනීමට ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව සමස්ත ජාතියේ ම සිහිනය බවට පත්ව ඇතැයි ද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.

වසර විස්සකට පසු මෙවර ජනාධිපතිවරණයට ජවිපෙ විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සුබ ලකුණක්. එයින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබෙනවා. ජවිපෙ පසුගිය ජනාධිපතිවරණ දෙකේ දීම සහය දුන්නේ එජාප අපේක්ෂකයාටයි. ඒ අනුව 2015 දී ජවිපෙ ඡන්ද තිබුණේ එජාපයේ ඡන්ද ලක්ෂ 62 තුල මිස අපේ ඡන්ද ලක්ෂ 58 තුල නොවේ. ඒ විතරක් නොවේ.

පසුගිය වසර පහලොව පුරාවට ජවිපෙ සාමාජිකයින්ට උදේ සිට සවස වන තුරු මතුරන්න උගන්වා තිබුණු මන්තරේ තමයි “මහින්ද හොරා” කියන එක. එහෙව් සාමාජිකයින් එජාපයට මිස අපට ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් එජාපයට නම්බුකාර පරාජයක් සදහා හෝ තිබූ ඉඩද මේ අවස්ථාවේ වැළලී ගොස් තියෙනවා.

පුංචි ඡන්දයේ දී අපි 42%ක් ඡන්ද ගත් විට එජාපය ගත්තේ 29%යි. එජාපයට අපිට ළං වෙන්න ගන්න තිබුණු ලොකුම ඡන්ද කුට්ටිය තමයි ජවිපෙ 6%. ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් එජාපයට ඒ 6%ත් අහිමි කරලා අපේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කර තිබෙනවා. ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කර අපේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කිරීම පිළිබඳ අපි ජවිපෙට පින් දෙනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

‘සංහිදියාවේ නාළිකාව‘ ජනවාරියේ උතුරෙන් වැඩ අරඹයි !

colombotoday

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

colombotoday

පල්ලේකැලේ ක්‍රිකට් පිටියට හෙළුවෙන් පැන්න සුද්දාට වැඩ වරදී !

colombotoday

ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26ක් රට පුරා ක‍්‍රියාත්මක බව හෙළිවේ

colombotoday

“ආණ්ඩුව පෙරළන්න නෙවයි, මහින්දට වෙන්නෙ අඬන්න“ – අගමැති

colombotoday

කුකුළු ගොවිපොළක ගින්නක්

colombotoday