Colombo Today Local News

ජාතික ආණ්ඩු එළ හරකයි මී හරකයි එකට යන්න බෑ කියයි – Photos

පක්ෂ දෙකක සිටියත් එකට වැඩ කරන බව විදහා දැක්වීමට එළ හරකෙක් සහ මී හරකෙක් එකට ඈදා සී සෑමට ගත් අපූරු උත්සාහක් ගැන පුවතක් ඇලහැර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම අපූරු වප් මගුල සංවිධානය කර තිබෙන්නේ ඇලහැර ගඟේ යාය නම් වෙල් යායේදීයි. පක්ෂ දෙක සංඛේතවත් කිරිම සදහා නිල් හා කොළ සැරසිලි එකට මසා එම ස්ථානය සැරසීමටද සංවිධායකයින් කටයුතු කර තිබුණේ පක්ෂ දෙකේ සමගිය සංඛේතවත් කිරීමටයි.

නමුත් අවාසනාවකට එළ හරකා සහ මී හරකා දෙපැත්තට ඇදීම නිසා සී සෑම කටයුත්ත අසාර්ථක වී තිබෙන්නේ එළ හරකයි මී හරකයි එක බානක තබා සී සෑමට බැරිය, යන ගැමි වහර සත්‍යයක් බවට පසක් කරමින්. එම නිසා එළ, මී බාන වෙනුවනට සී සෑම සදහා අත් ට්‍රැක්ටරයක් යොදා ගැනීමට සංවිධායකයන්ට සිදුව තිබෙනවා.

ඡායාරූප – නෙත් FM

DSC02017DSC02036DSC02025

Related posts

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

colombotoday

දඹුල්ල නගරාධිපති නිල කැබි රථය බල්ලට වෙන් කරලාද?

colombotoday

ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවී රියැදුරු ජීවිතක්ෂයට

Admin

කපුවාගේ ගෙලකපා ගඟට දැමූ සැකකරු අල්ලයි

colombotoday

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday

ස්විස් තානාපති නිලධාරිනිය 30 දක්වා රිමාන්ඩ්

colombotoday