Colombo Today Local News

ජෝර්ජ් සෝරස් කියන ලෝක හොරාටත් යහපාලන දොර ඇරලා. ඒ කාලේ හොරු හිටියනම් දැන් ඉන්නේ කම්බා හොරු

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ෆොක්ස්වැගන් සහ ජෝර්ජ් සෝරස් තක්කඩියන්ට යහපාලන දොර ඇරේ

අපේ සන්ධාන ආණ්ඩුව තියෙන කාලේ එජාපය විපක්ෂයේ ඉදන් කියුවේ මේ ආණ්ඩුවට සෑබැ ආයෝජකයන් ආකර්ෂණය කර ගන්න බෑ එන්නේ හොරු තක්කඩියන්ය විතරයි කියලා. මෙය ඇත්තයි කියා සිතු අය යහපාලනයක් පතා මේ ආණ්ඩුව බලයට පත් කර ගත්තා. දැන් කවුද මේ ආණ්ඩුවේ ආරාධනාවෙන් එන්නේ අපේ ආණ්ඩුව කාළේ හොරු ආවා නම් දැන් එන්නේ කම්බ හොරු. මුලින්ම අගමැතිතුමා ඡන්දේ කාළේ ආඩම්බරයෙන් කියුවා අපි ෆොක්ස්වැගන් සමාගම ලංකාවට ගෙනවා කියලා. ෆොක්ස්වැගන් සමාගම කියන්නේ ඉතාම වංචනික සමාගමක්. 2009 සිට 2014 දක්වා කාලය තුල දී තමන්ගේ වාහන වලින් පරිසරයට මුදා හැරෙන විෂ දුම පිළිබද තොරතුරු ඉතා වංචනික ලෙස වෙනස් කරලා යුරෝපයේ රටවල් ගණනාවකටත්, ඇමරිකාවටත් වාහන ඉදිරිපත් කරපු සමාගමක්. 2009 මැයි මාසයේ දී පැවති පිවිතුරු ප්‍රවාහනය සදහා වු ජාත්‍යන්තර සභාව මේ වංචාව හෙළිදරවු කරා. අද වන විට වාහ මිලදී ගත් අය සමාගමට එරෙහිව නඩු දානවා. ලොව පුරා අලෙවිය අඩු වෙනවා, හොරු තක්කඩි නමි හංවඩුගැහෙනවා. ලොකේම හොරු කියන සමාගම මේ ආණ්ඩුව දොහොත් මුදුන් දී ලංකාටව ගෙනවා. මම අර්ථික සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම ඇමතිතුමාගෙන් ඇහුවා මේ සමාගමට එන්න කියලා කියුවේ 2015 මැයි මාසේ මේ සමාගම වංචනික සමාගමක් කියලා එළිවුණේ 2014 මැයි මෙය ඔබතුමා දැන සිටියා ද? එතුමාගේ පිළිතුර ඔව්. මේ සමාගමේ විශ්වාසය පලදුවේලා අලෙවිය ඝ්‍රිග්‍රෙයන් පහලට වැටෙනවා අපිත් කාර් නිෂ්පාදනය කරන්න හදන්නේ අපනයනය සදහා නැතුව අපේ පාවිච්චිය සදහා නෙවෙයිනේ. මේ සමාගමේ අලෙවිය ඝ්‍රිග්‍රෙයන් පහලට වැටෙන බව දන්නවාද ? එතුමාගේ පිළිතුර අනේ මම දන්නේ නෑ කියලා. මෙතුමා කියුවේ හොරා කියලා දැන දැනමයි එන්න කිවේ අපි කරන්නේම හොරම තමයි වගේ අදහසක්.

අගමැතිතුමා ඉතා ආඩම්බරයෙන් පාර්ලිමේන්තුවේ දී කියනවා අපි ජනවාරි ආර්ථික සමුළුවක් තියනවා කියලා. ඒ සමුළුවේ සුවිශේෂි ආරාධිතයා තමයි ජෝර්ජ් සෝරස්. කවුද මේ ජෝර්ජ් සෝරස් ? 1997 දී අසියානු මුල්‍ය අර්බුදයෙන් තායිලන්තයේ සහ මැලේසියාවේ ආර්ථිකය කඩා වැට්ටුවාය කියලා ඒ රට වලට ඇතුල්වීම තහනම් කල පුද්ගලයෙක්. 1992 සැප්තැම්බර් 16 වෙනි දා බ්‍රිත්‍රන්‍යය හදුන්වන්නේ කළු බදාදා කියලා. පවුම දැවැන්ත ලෙස අවප්‍රමානය වෙලා එහි ප්‍රථිපලයක් විදිහට යුරෝපිය විනිමය යාන්ත්‍රනයෙන් මහා බ්‍රිත්‍රන්‍යයට ඉවත් වෙන්න සිදුවුණේ මේ දවසේ. එදා බ්‍රිත්‍රන්‍යයට වුණු පාඩුව අවම වශයෙන් පාඩුව බිලියන 3.4ක් විතර වෙනවා කියලා අර්ථික විද්‍යඥයන් ගණනය කර තියෙනවා. මේ කඩා වැටිම කුමන්ත්‍රණකාරිව සැලසුම් කලා කියලා බ්‍රිත්‍රන්‍යය චෝදනා එල්ලකරේ ජෝර්ජ් සෝරස්ට. 2006 දී ප්‍රංශයේ ශේෂ්ඨාදී අධිකරනය විසින් වංසනික කොටස් ගනුදෙනුවක් එනම් අභ්‍යන්තර තොරතුරු දැනගෙන කොටස් ගණුදෙනු කල බවට වැරදිකරුවකු වුණු පුද්ගලයෙක්. ජෝර්ජ් සෝරස් අභියාචනයක් ඉදිරිපත් කලා අභියාචනාධිකරනය යලි වැරදිකරු කලා. නැවත වතාවක් ශේෂ්ඨාදී අධිකරනයට අභියාචනාකලා එනතදිද ඔප්පු වුණේ වැරදිකරු කියලාම තමයි. අපේ ආර්ථික සමුළුවේ සුවිශේෂි ආරාධිතයා වෙන්නේ ලොකයේ අංක එකේ තක්කඩියෙක්. එක තක්කඩි සමාගමක් ගෙනත් තියෙනවා අනෙක් තක්කඩියට එන්න තියනවා. අපි අහන්නේ මේ ආණ්ඩුවට වැදගත් ආයෝජකයෙක් සොයා ගැනිමට නොහැකිද කියලා. අපිට කමයි කියුවේ හොරු ගෙනවා කියලා.

බටලන්දේ සුදු වෑන් වෙනුවට කොළාන්නාවේ කළු ඩිෆෙන්ඩර්

මේ සතියේ ඉතිමත් ශෝෂණිය කාරනයක් සිද්ධ වුණා. තරුණ මන්ත්‍රිවරියක් විසින් තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියක්. මේ අය බලයට ඇවිත් කියුවේ සුදුවෑන් සංස්කෘතිය වෙනස් කළේ අපියි කියලා. වැරදීයි සදුවෑන් සංස්කෘතිය අවසන් කළේ අපියි. සුදුවෑන් සංස්කෘතිය පටන් ගත්තේ නම් ඒ උදවියයි. බටලන් ද වාර්තාවේ ඉතාමත් පැහැදිලිමව වාර්තා වෙනවා 1987 භීෂණ යුගයේ සුදුවෑන් වලින් පැහැර ගෙන ඇවිල්ලා බටලන්දේ රදවාගෙන
gammanpilaතරුණයන්ට අමානුශිය ලෙස වද දුන්නය එයින් සමහරක් අය මරාදැම්මය, අතුරුදහන් කලාය කියලා. එහෙනම් වර්තමාන අගමැතිතුමාට තමයි සුදුවෑන් සංස්කෘතිය අරම්භ කිරීමේ ගෞරවය තියෙන්නේ. ඒ සුදුවෑන් සංස්කෘතිය දිගටම ඇවිල්ලා අපේ ආණ්ඩුව කාළේ අවසන් වුණා. ඒ සුදුවෑන් සංස්කෘතිය වෙනුවට කළු ඩිෆෙන්ඩර් සංස්කෘතියක් ඇවිත් තියෙන්නේ. මන්ත්‍රීවරුන්ගේ කළු ඩිෆේන්ඩර් යවලා තමන්ට එරෙහිව යන අය පැහැර ගැනිමේ ව්‍යාපෘතියක් අරම්භ වෙලා තියෙන්නේ. මම අහන්නේ සුදුවෑන් සංස්කෘතිය අවසන් කරන්නේ කළු ඩිෆෙන්ඩර් සංස්කෘතිය අරම්භ කරන්න ද? මේ සිද්ධියේ ඩිෆෙන්ඩර් රථය, පැහැරගත් ආරක්ෂයන්, පැහැරගෙන ඇවිත් පහර දුන්නයි කියන කාර්යාලය මන්ත්‍රිතුමියගේ. එවගේම පැහැරගෙන ගිය පුද්දගලයා චෝදනා කරනවා මන්ත්‍රිතුමිය පහරදුන්නයි තර්ජනය කරා කියලා. ඔව් තරුණයා ගෙනාවා මේ පවුල් ප්‍රශ්නයක් බිදෙන්න ගිය පවුලක් එකතු කරන්නයි ගියේ කියා එතුමියත් සම්බන්දයි කියලා පිළිගන්නවා. නමුත් මන්ත්‍රිතුමියට නීතිය නම් ක්‍රියාත්මක වෙන්නනේ නෑ වගේ. අනිත් අය අත්අඩංගුවට ගන්නවා මන්ත්‍රිතුමිය නිදැල්ලේ ඉන්නවා. මේ මන්ත්‍රිතුමිය නීතියට වඩා ඉහලින් තබා ගැනීම යහපාලනය ද කියන ප්‍රශ්නය අපිට මේ ආණ්ඩුවෙන් අහන්න වෙනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් පෙරළෙයි

colombotoday

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday

අධිකරණ කටයුතුවලට බාධා කල රැට්ටා පොලිස් අත්අඩංගුවට

colombotoday

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

colombotoday