Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අභියාචනයක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම අධිකරණය අසලදී තමාට බැන තර්ජනය කාලායැයි සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් හෝමාගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුවූ නඩු විභාගයකින් අනතුරුව පසුගිය වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි.

එම තීන්දුවට එරෙහිව ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර සිටි අතර, උන්වහන්සේට ලබා දුන් සිරදඬුවම අත්හිටුවීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කල අතර එම තීන්දුවට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කරමින් ඥානසාර හිමිට සිරදඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

එම නඩුව අද (21) කැඳවූ අතර සන්ධ්‍යා එක්නැළිගොඩ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ පුලස්ති හේවාමාන්න කරුණු දක්වමින් මෙම නඩුවට අදාලව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලැබී ඇද්දැයි සොයාබැලීම සඳහා කාලය අවශ්‍ය බව පවසා ඇත. ඒ අනුව 2020 මැයි 05 වනදා මෙම නඩුව යලි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය ආරියදාස, නීතිඥ සංජය මාරඹේ යන මහත්වරු නීතිඥ නිලුකා දිසානායක මහත්මියගේ උපදෙස් මත පෙනී සිටින ලදි.

Related posts

සමගි ජන බලවේගය අවුලෙන් අවුලට. | කෘත්තියාධිකාරී මණ්ඩලයේ සහය ඩයනාට | සජිත්වත් ඩයනාට පන්නා දැමිය හැකියි.

colombotoday

පිදුරංගලට නැග ඇදිවත ගලවා පෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට… වැඩේ මුලින්ම කර ඇත්තේ සුද්දියක්…

colombotoday

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday

ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් අපට හිරිහැර.. හින්දු සම්මේලනය ජනපති හමුවී කියයි

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

හිස්වූ පාර්ලිමේන්තු අසුනට සරත් ෆොන්සේකා සහ රෝසි සේනානායක අතර සිතල යුද්ධයක්

colombotoday