Colombo Today Local Newsfeatured

ඥානසාර හිමි ඝාතනයට පිටරටින් අන්තවාදීන් ඇවිත්.

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති බව “දිවයින ඉරිදා සංග‍්‍රහය” වාර්තා කර තිබෙනවා.

එම සන්නද්ධ පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් සමන්විත බව සඳහන් වේ.

මෙම තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ සිය ආරක්ෂාව පිළිබඳව පෙරට වඩා දැඩි අවධානය යොමු කරන මෙන් බුද්ධි අංශ ඥානසාර හිමියන් දැනුවත් කර ඇති අතර උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය වෙත පොලිස් ආරක්ෂාවද නැවත සලසා ඇත.

ඥානසාර හිමියන්ගේ ක‍්‍රියාකාරකම් එක්තරා ආගමික ව්‍යාප්තියකට බාධාවක් වී ඇති බැවින් උන්වහන්සේ මෙසේ ඝාතනය කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

Related posts

ශ්‍රීලනිපයේ සහය කාටවත් දෙන්නෙ නෑ

colombotoday

ගාලු මුවදොර අරගල භුමියට ආ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

කතානායක ඉවතට?

colombotoday

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ඉන්දීය මාධ්‍යත් හෙළි කරයි: අයි.එෆ්.ඊ.එස්. වාර්තාවෙන් එජාපය හෙල්ලෙයි

colombotoday

මට මහරජාණෝ කියා නම දැම්මේ මෛත්‍රී.. එහෙම කියපු මේ අයමයි යටින් මට ගේම දීල තියන්නේ

colombotoday